ටැමිල් යුනියන් කණ්ඩායමෙන් දැවැන්ත ලකුණු පුවරුවක්

296

සීසීසී ලකුණු 500ක් පිටුපසින්

මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් ටැමිල් යුනියන් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කොළඹ ක්‍රිකට් සමාජය (සීසීසී)ට එරෙහිව ලකුණු 558ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ඊයේ (18 වැනිදා) සමත්ව සිටියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන සීසීසී කණ්ඩායම ඊයේ සවස හතර පමණ වනවිට පන්දු වාර 13ක් තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 58ක් ලබා ගෙන සිටියේය. ඒ අනුව ටැමිල් යුනියන් කණ්ඩායම සීසීසී කණ්ඩායමට වඩා ලකුණු 500ක් ඉදිරියෙන් සිටියේය.

නායක සධීර සමරවික්‍රම ලබාගත් ලකුණු 188 ක විශාල ඉනිමෙන් ශක්තිමත් වූ ටැමිල් යුනියන් ඉනිමේ අවසාන භාගය වේගවත් අර්ධ ශතකයකින් පෝෂණය කිරීමට තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන සමත් වූයේය.

පන්දු 72කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 88ක් ලබා ගැනීමට සමත් වූ ඉසුරු උදාන විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. විශ්ව ප්‍රනාන්දු එම කඩුල්ලත් සමගින් තවත් කඩුලු 3ක් දවාගත් අතර ඒ අතර නායක සමරවික්‍රමගේ කඩුල්ල ද, ආරම්භක පිතිකරු නවෝද් පරණවිතානගේ කඩුල්ල ද විය. විශ්ව ප්‍රනාන්දුට පසුව සීසීසී කණ්ඩායම වෙනුවෙන් කඩුලු 4ක් දවා ගැනීමට දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් ද සමත් වූයේය.

සීසීසී කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙස කවිඳු පතිරත්න දවා ගැනීමට ද ලක්ෂාන් සඳකැන් සමත් වූ අතර ඒ වන විට ඔහු අර්ධ ශතකයට ලකුණු හතරක් මෙපිටින් සිටියේය. මාලින්ද පුෂ්පකුමාර සහ චමිඳු විජේසිංහ එක් කඩුල්ල බැගින් දවා ගත්හ. අද (19 වැනිදා) තරගයේ තෙවැනි දිනයයි.

advertistmentadvertistment
advertistmentadvertistment