වචන හුවමාරුව දුරදිග ගොස් කඩුවකින් පහර දී ඥාති සොහොයුරා මරලා

251

සැකකරු අත්අඩංගුවට

පෙරේදා (03දා) අලුයම 2.00 ට පමණ මතුගම, වැලිකැටිය සඳසිරිගම, ප්‍රදේශයේ නිවසක එකට මත්පැන් පානය කරමින් සිටියදී කලෙක සිට පවතින මතභේදයක් මුල් කරගෙන ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග යෑමෙන් පසු තම ඥාති සොහොයුරාට කඩුවකින් පහරදී ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු මතුගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මතුගම, වැලිකැටියේ පදිංචිකරුවෙකු වූ විතානගේ දොන් කළණ මධුෂාන් නම්වූ අයෙකි.

කොටුදුරගේ රුවන් සම්පත් යන අයගේ නිවසේ මොවුන් මත්පැන් පානය කර ඇති අතර සැකකරු මොහුට කඩුවකින් පහරදී පලා ගොස් ඇත.

ඉන්පසු සුවසැරිය ගිලන් රථයකින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ගෙන ගොස් ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (03දා) උදේ 6.00 ට පමණ මිය ගොස් ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මතුගම, සිරිකඳුරවත්තේ මුරකුරුවකු වන 27 හැවිරිදි අයෙකු වන අතර ඔහු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කළුතර විශේෂ – එස්. ආරච්චිගේ, මතුගම – අනුර ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment