කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා සංකීර්ණයේ – උසස් නිලධාරියකු බවුසර් යොදාගෙන ඉන්ධන ජාවාරමක

404

බවුසර් රථ රියැදුරෝ චෝදනා නඟති

හැටන්, කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණයේ උසස් නිලධාරියකු ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථ යොදාගෙන ඉන්ධන ජාවාරමක් කරන බවට ඉන්ධන බවුසර් රථ රියැදුරෝ පවසති.

කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණයේ සිට නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රධාන නගර වල පිහිටි සිපෙට්කෝ සහ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් වලට ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන ප්‍රවාහනය කිරීමේදී එම ගබඩා සංකිර්ණයේ උසස් නිලධාරියකුගේ හිස් බූලි කිහිපයක් එම බවුසර් රථයේ පටවා යවා මෙම ජාවාරම සිදු කරන බව ඔවුහු පෙන්වා දෙති.

ඉන්ධන පිරවුම්හල වෙත ප්‍රවාහනය කරන ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන ටැංකිය වෙත නිකුත් කර පසුව එම බවුසර් රථ වල රියැදුරන් විසින් රැගෙන එන බූලිවලට ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන මිල දී ගෙන එම ඉන්ධන තොග බවුසර් රථයෙන්ම රැගෙන ගොස් කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණය අසල වෙළෙඳ සලකට භාරදෙන බවට අනාවරණය වී තිබේ.

එම වෙළඳ සලේ හිමිකරුගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ තෙල් ගබඩා සංකිර්ණයේ උසස් නිලධාරියකුගේ ඉන්ධන බූලි දෙකක් තමන් වෙත බවුසර් රථයකින් ලබාදුන් බවත්, පසුව ඉන්ධන සහිත බූලි තෙල් ගබඩා සංකීර්ණයේ උසස් නිලධාරියා විසින් රැගෙන යන බවයි.

නුවරඑළිය – නාලක රත්නායක
 

advertistmentadvertistment
advertistmentadvertistment