මහින්දට බැසිල්ට ඇති තහනම දීර්ඝ කෙරේ

118

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන්ට පනවා තිබූ අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කිරීමේ නියෝගය ලබන 2 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27 දා) නියෝග කළේය.

රට ආර්ථික අගාධයකට ඇද දැමීමට හේතු පාදකවූ තීන්දු තීරණ ගත් බලධාරීන්ට එරෙහිව විධිමත් විමර්ශනයක් සිදුකර නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර සලකා බැලීම එදින දක්වා කල් තැබීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී වැඩිදුරටත් නියෝග කළේය.

එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ, එල්. ටී. බී, දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල හමුවේදී ඊයේ (27 දා) කැඳවිණි.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment