‘මම ඔස්ටින්’ ජනපතිට…

73

හිටපු ජනාධිපති ලේකම්වරයකු වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් රචිත ‘මම ඔස්ටින්’ කෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම 09 වැනිදා ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ස්වයං ලිඛිත චරිතාපදානයක් වන මෙම කෘතිය මඟින් රාජ්‍ය සේවයේ හා දේශපාලන ක්‍රියාකාරීත්වයේ කදිම විවරණයක් සිදු කර ඇත.

සමකාලීන ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සංකීර්ණ භූමිකාවක නිරත වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ 2001-2003 සමයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය හා 2017-2018 සමයේ ජනාධිපති ලේකම් ධුරය දරමින් රාජ්‍ය සේවයේ නියැළුණේය.

advertistmentadvertistment
advertistmentadvertistment