දිවංගත ඇමැති ඩඞ්ලි සේනානායක මහතාගේ දේහයට අන්තිමවරටත් බුහුමන පුද කළ ‘කරෝලිස් අයියා’
රූස්ස ගස් සම්භාරයක සිසිල් සෙවණැල්ලේ වැඩුණු ජම්බු ගසක ගණ නිල් කොළ අතර පැණියෙන් බරවී තනියෙන් වැඩුණු පිනිජම්බු ගෙඩි දෙකක් වැනි ‘ඩඞ්ලි’ හා ඔහුගේ සොහොයුරු ‘රොබට්’ පළමු කොටම මට හමුවුණු කාලය මට අද මෙන් මතකය….. ඒ කාලයේත් ඔහු සිටියේය.
නිල තුරඟුට නැෙඟමින් – රිවිදෙවි සිරින
දුලකර සේසත් – මිණි බරණ කිරණින
බල පිරිසෙන් සහ – යාපා පටුන් ගෙන
බල සේනානායක – සපු කුමරු එන
අප මඟ බලා සිටියේ නිල තුරඟුට නැෙඟමින් රිවි දෙවි සරින් එන සිරි රඟලූන්ගේ සපුමල් කුමරු දෙස නොව යාපා පටුන් හා බල පිරිසෙන් ගෙන එන සැළලිහිණි කාලයේ සපුමල් කුමරා දෙසත් නොවේ…. ගැමියන්ගේ වැඩි ඡුන්දයෙන් පිළිමලූන් පරදා දින් දද නංවා දැදිගමින් රාජ සභාවට එන නූතන සපුමල් කුමරු දෙස මඟ වෙනස ගොවිඳුගේ දෙටු පුත් ඩඞ්ලි ෂෙල්ටන් සේනානායක දෙසය. මගේ මතකය ඈතට කැන්දන් ගිය අනෙක් තැනැත්තා අන් කිසිවකු නොව, කරෝලිස්ය. වෙනසකට වූයේ ඒ කාලයේ ඔහු හොඳ හුරු බුහුටි ගැටවරයකු වීමය. ඩඞ්ලි සේනානායක මහතා මුණ ගැසෙන්නට වුඞ්ලන්ඞ් මන්දිරයට යන ඕනෑම කෙනෙකුට පළමුව මුණගැසෙන්නේ කරෝලිස්ය. ඔහු නොමැති විටක ඒ කාලයේ එම අඩුව පුරවන්නේ ඞී. එස්. සේනානායක මැතිනියයි.
සුප‍්‍රසිද්ධ ග‍්‍රන්ථ කර්තෘවරයකු මෙන්ම සම්භාවනාට පාත‍්‍රවන පත‍්‍ර කලාවේදියකු වූ ඬේවිඞ් කරුණාරත්නයන් ඩඞ්ලි සේනානායක නම් මේ රටේ සිව්වරක් අගමැතිවූ ජන නායකයා ගැන වරෙක එසේ ලියුවේය.
මේ රටේ විසූ අගමැතිවරුන් දෙපළකට රැුකවරණ සැලසූ අපූර්ව මිනිසකු වූ ‘කරෝලිස්’ (ඇස්.ඒ. කරෝලිස් ) අයියා එකල අප ඇමතුවේ ‘මහප්පා’ කෙනෙකු ලෙසිනි. මගේ පිය පාර්ශ්වයේ ඥාති සම්බන්ධයක් ද තිබූ හෙයින් එකල මගේ පියා විදුහල්පතිවරයකුව සිටි නාමචන්ද්‍ර නිශ්ශංක මහතා බොරැුල්ලේ වුඞ්ලන්ඞ් මන්දිරයට අප කැඳවා ගෙන ගොස් ‘ඩඞ්ලි’ මැතිඳුන් සමඟ සතුටු සාමීචියේ යෙදුණ අවස්ථා පුංචි සන්දියේ සිට මට මතකය. මගේ තාත්තා කරෝලිස් අයියා යැයි කියා ඔහුට කතා කළ හැටි මතකය. මගේ පියාගේ සොහොයුරා ඩඞ්ලි සේනානායක මහතාගේ ආරක්‍ෂාව භාරව සිටි පොලිස් කණ්ඩායමේ එතුමන් සමඟ ළඟින්ම සිටි නිලධාරියකු ද වූයේය.
1973 අපේ‍්‍රල් 13 වැනිදා ඩඞ්ලි සේනානායක මහතා දිවංගත වූ විට කරෝලිස් අයියා ඒ වේදනාව දරා සිටියේ මහත් ආයාසයකිනි. වරෙක එතුමන්ගේ දේහය අසල බලාගත් වනම බලාගෙන හුන් ඔහු තවත් මොහොතකින් පසෙකට වී ඇසින් එන කඳුළු ගංගා පිස දමන්නට වූයේය.
කරෝලිස් අයියා පළමුව සේනානායක පවුලට එක්වූයේ නිදහස් ලංකාවේ පළමු අගමැති මහාමාන්‍ය ඞී. එස්. සේනානායක මහතා ජීවත්ව සිටියදී එනම් 1917 මැයි 23 වැනිදාය.
කුඩා ඩඞ්ලි කිරිකැටි දරුවකුව සිටියදී ඞී. එස්. ගේ තනි නොතනියට කරෝලිස් ආවේය.
(ඔහුගේ ගම් පළාත අඹේපුස්ස ප‍්‍රදේශය බව මට මගේ පියා එකල කියනු අසා තිබේ.)
එච්. ආර් සිසිලියා පීරිස් මහත්මිය ඔහුගේ භාර්යාව වූවාය. ඩඞ්ලි සේනානායක මහතා මිය යනවිට කරෝලිස් අයියා 75 වැනි වියේ පසුවිය.
‘මම සේවයට එද්දී ඩඞ්ලි හාමුට වයස අවුරුදු තුන හතරක්වත් ඇති. එදා සිටි එතුමන් පාසල් එක්කර ගෙන ගියෙත් මමයි. මුලින්ම ප‍්‍රාථමික විදුහලටත්, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලටත් යන එනවිටත් එතුමන්ගේ රැුකවරණයට ආවතේව වැඩකළේ මමයි. පිටරට ගිහින් ඉගෙනීම ඉවර කරලා ලංකාවට ඇවිත් දේශපාලනය කරන්න පටන් ගත් කාලයේත් මා සෑම තැනකම එතුමා සමඟ ගියා.’
සමහර දවස්වල දේශපාලන රැුස්වීම් අහවරවෙලා මහ ? දෙගොඩහරිය වෙලා ගෙදර එන අවස්ථාත් තිබෙනවා. කෑම ටිකවත් වෙලාවට නොකා රට හැම තැනම යමින් මහන්සි වෙනකොට මම සමහර වෙලාව සැර කරලා කෑම කන්න මම හාමුට බල කරනවා. එහෙම කියන්නටත් ළඟින්ම හිටියේ එමයි. අගමැතිවෙල, මුළු රටම දිනා ගෙන එන වෙලාවටත් අගමැතිකමින් පරාජය වෙලා තවත් වෙලාවක අගමැතිකමින් ඉල්ලා අස්වෙලාත් ගෙදර එනකොට එතුමට දුකට සැපට මම ළඟ සිටියා. අට වතාවක් එතුමා පිටරටවලට මාව ගෙන ගියා. කරෝලිස් අයියා එදා මතකට අවදි කළේ ඩඞ්ලි සේනානායකගේ මියගිය අවස්ථාවේදී බව මට මතකය.
ඩඞ්ලි සේනානායක මහතා බෝතලේ වලව්වෙන් තම දේශපාලන ජීවිතය අරඹද්දීත් මේ ‘කරෝලිස්’ එතුමන්ගේ පුද්ගලික සේවකයා වූයේය. ඔටුණු නොපළන් රජ කෙනෙකු ලෙසින් සිව් වතාවක්ම මේ රටේ අගමැති වූ ඩඞ්ලි සේනානායක මහතා තනිකඩයකු ලෙස ජීවත් වූයේය. ජීවිතය තුළ දෙමවුපියන් නොමැතිව ජීවිත සටනට උරදෙද්දී කෑම, ඇඳුම් සිට බෙහෙත් හේත් සියල්ල බැලූවේ කරෝලිස් අයියායි. සේනානායක මහතාගේ දෛනික ජීවිතයේ නොවරදවාම සිදුකළ බුදුන්ට මල් පහන් පිදීමට අවශ්‍ය කටයුතු සිදුකළේද මේ කරෝලිස් අයියාය. මේ රටේ අගමැතිවරුන් දස දෙනෙකුගේ අග‍්‍රාමාත්‍ය ලේකම්වරයාව සිටියේ බැඞ්මන් වීරකෝන් මහතාය. අති විශිෂ්ට පරිපාලකයකු වූ හෙතෙම 1960 දීත් 1965 දීත් එතුමන්ගේ ලේකම්වරයා විය. අපි එතුමන්ගේ වචනවලින්ම කරෝලිස් අයියා පිළිබඳ වරෙක මේ මතක ආවර්ජනය ද ගෙන එමු.
‘‘ඩඞ්ලි ජීවිත කාලයෙන් වැඩි කොටසක් තම ඇඳුම්වල වර්ණය නිමාව ගැන තැකුවේ නැත. නිවෙසේ සැහැල්ලූවෙන් සිටිනවිට ඔහු චෙක්ලම්පාට සේද සරමක් නොසැලකිලිමත් ලෙස බඳේ දවටාගෙන සිටියේය. ඔහු ඉතා සරල චාම් දිවියක් ගත කළේය. ඩඞ්ලිගේ දුක සැප බැලූ විශ්වාසදායක කරෝලිස් නොසිටියා නම් මේ තනිකඩයාගේ කලිසම් දිනපතා මැදීමක්ද සිදු නොවන්නට ඉඩ තිබිණි.
ඞී. එස්. ගේද අවතේවකරු වූ කරෝලිස් ඔහු සමඟ වරෙක ලන්ඩනයට ද ගොස් තිබිණි. ඇඳුම් පිළිබඳ හොඳ රුචිකත්වයක් තිබූ කරෝලිස් ඩඞ්ලිිගේ ඇඳුම් පිළිබඳ උපදේශකයා ද වූයේය. කුමන උත්සවයකට කුමන ඇඳුමක් ඇඳිය යුතු දැයි තේරුවේ කරෝලිස්ය.’
රටේ පොදු මහජනතාව වෙනුවෙන් දිවා රැ වෙනසක් නොමැතිව ආදරය කරුණාව මෛත‍්‍රිය උතුරා ගිය හදවතින් බලා වැඩ කළ සේනානායක මහතා සතා සිවුපාවුන්ට ද ගහකොළට ද ආදරය කළේය. වරෙක තම පි‍්‍රයතම භාණ්ඩය වූ කැමරාව ද අතැතිව ඈත වැව් අමුණු ගොවි ජනපද, වනෝiාන වෙත යද්දී එම දසුන් තම කැමරා කාචයේ සටහන් කර ගත්තේ මහත් අභිරුචියකිනි. එතුමන්ගේ වුඞ්ලින්ඞ් නිවෙස් බ‍්‍රවුන් හා බ්ලැකි නම්වූ බලූ සුරතල්ලූ දෙන්නෙකු ද විය. සේනානායක මහතාගේ දෛනික ජීවිතයේ මේ සුරතල් සතුන් දෙදෙනාට ද යම් කාලයක් මිඩඟු කර තිබේ. කරෝලිස් අයියා වරෙක එම සත්ත්ව ආදරය මෙලෙස වචනවලට පෙළ ගැස්සුවේය. උන්නාසේට යාළුවෙකුගෙන් තෑග්ගකට මේ බල පැටවු දෙන්නා ලැබුණා. මෙහෙට ගේනවිට මාස තුනකට හතරකට වැඩිය වයස නැතුව ඇති. ගෙනාපු දවසේ ඉඳලම උන්නැගේ උකුල උඩ තියාගෙන හුරතල් කරනවා. කවනවා පොවනවා. ඒ සතුන් දෙන්නම එතුමන්ට ඒ වගේම ආදරෙයි. එතුමන් කොළඹින් පිට නොගිහින් තිබුණදාට ආපසු ගෙදර එනකන් ? කීය හරි වෙනකම් මම ඉස්තෝප්පුවට වෙලා මඟ බලාගෙන ඉන්නවා. බ‍්‍රවුන්ත් එහෙම. රැ වුණත් නිදා ගන්නේ නැතිව රැඳී ඉන්නවා. කාර් එක එන කොටම බ‍්‍රවුන් කාර් එකට පනිනවා. බ්ලැකීට නම් එච්චර ගාණක් නැහැ. කෑම කාලා හිටියත් එතුමන් තමන්ගේ පංගුවෙනුත් බත් පිඬක් කනවා. ‘බ‍්‍රවුන්’ වරෙක උකුළේ තියාගෙන බත් කනකොට ඒ පිඟනෙන්ම බ‍්‍රවුනුත් බත් කටක් කනවා. අපි දකිනවා.
ඒ දෙන්නා නිදාගන්නෙත් එකට එකම ඇඳේ. උන්නැහේ ඔළුව තියාගෙන ඉන්න කොට්ටෙට ඔළුව තියාගෙන ඉඳලා එතුමන්ට නින්ද ගිය ගමන් ඇඳෙන් බැහැලා බ‍්‍රවුන් එයාගේ කාමරයට ගිහින් නිදාගන්නවා. එතකන් කාටවත් ඌව එතැනින් හොල්ලන්නවත් බැහැ. එතකන් කාටවත් උන්නැහේ ගේ කාමරයටනම් යන්න බැහැ.
ඩඞ්ලි සේනානායක මහතා මියගිය පසු එතුමන්ගේ දේහය වුඞ්ලන්ඞ් මන්දිරයේ තිබියදී ‘බ‍්‍රවුන්’ හා ‘බ්ලැකී’ත් ඒ අසලටම වී සිටි සංවේදී දසුන අපට අදමෙන් මතකය. අවමඟුලෙන් පසුව ද එම මන්දිරයට එන වාහන මතට කකුල තබා තම ස්වාමියා ඒවිදැයි ඉව කරන අයුරුද අපට මතකය. එදා එම දසුන් එකල පරත්තරවල පළවූවේය. තම හාම්පුතා නිදාගත් වුඞ්ලන්ඞ් මැඳුරේ ඉහළ සොල්දරයේ කාමරයට නිතර ගිය මේ සුරතලූන් දෙදෙනා තම ස්වාමියා කොහැදැයි ඉව ඇල්ලූවේය. එතුමන් මියගිය පසු මහත්සේ කම්පනයට පත්ව මේ සුරතලූන් දෙදෙනා කෑම බීම පවා හරිහැටි නොගෙන කෙටි කලකින් මරණයට පත්ව තිබිණි.
කරෝලිස් අයියාගේ ජීවිතයේද අනපේක්‍ෂිත සිදුවීම් බොහෝවූයේය. ඔහු පදිංචිව සිටියේ වුඞ්ලන්ඞ් මන්දිරය පිහිටි භූමියේම කොටසකය. ඒ අසල පැත්තක අගමැතිතුන්ගේ මෝටර් රථ ද ගාල් කර තිබුණා මට මතකය. කරෝලිස් අයියාට සිටියේ එකම පුත‍්‍ර රත්නයකි. ඔහු ඇස්. ඒ. මිත‍්‍රරත්න යි. ඔහුට කවුරුත් ‘බර්ටි’ කියා ආදර නමකින් ඇමතුවේය. එම කාලය ඩඞ්ලි සේනානායක මහතා මුල්වරට අගමැති ධුරය හෙබවූ කාලයයි. කොළඹ 3 ඩුප්ලිකේෂන් පාරේ අංක 43 නිවෙසේ කරෝලිස් අයියා ඇතුළු පවුලේ සාමාජිකයන් පදිංචිව සිටියහ. 1953 මැයි මස 9 වැනිදා ඔහුගේ පුතණුවන් අරලියගහ මන්දියරට නුදුරු ස්ථානයක වෙසක් තොරණක් හදා එහි කටයුතුවල නිරතවී සිටියේය. එහිදී වූ විදුලි සර වැදීමකින් කරෝලිස් අයියාගේ එකම පුතණුවන් මෙලොවින් සදහට ම සමුගත්තේය.
කරෝලිස් අයියාගේ පුතා මියගොස් වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් වූ පිංකමට මගේ පියාද එකල සහභාගි වී තිබේ. ඒ වෙනුවෙන් කරෝලිස් අයියා තම ඥාති හිතවතුන්ට යොමුකළ ඇරයුම් පතේ මෙසේද සඳහන් වේ.
කාලයාත‍්‍රා කළ අතිගරු ඞී. එස්. සේනානායක අගමැතිතුමාගේ හා වර්තමාන අගමැති ධුරන්ධර ඩඞ්ලි සේනානායක අගමැතිතුමාගේද පුද්ගලික සේවකයෙක් වූ ඇස්. ඒ. කරෝලිස් මහතා සහ එම හාමිනේගේත් හිටපු එකම පුත‍්‍රරත්නය වූ ඇස්. ඒ. මිත‍්‍රරත්න තරුණ මහතා මරුවසඟ වීමෙන් මෙම මැයි මස 9 වැනි දිනට වර්ෂයක් පිරීම නිමිත්තෙන්.. එදින රාත‍්‍රියේ අප නිවෙසෙහි ධර්ම දේශනාවක් පවත්වා පසුදින මහා සංඝරත්නය විෂයෙහි අෂ්ඨ පරිෂ්කාර සහිත සාංඝික දානයක් පිරිනමා.. පුණ්‍යානුමෝදනාකරන බැවින්.. ආදී වශයෙන් සටහන්ව තිබිණි.
මුළු මහත් රටේම ඉමහත් ගෞරවදාරයට පාත‍්‍රවූ ජනනායකයන් දෙපළකවූ ඞී. එස්්්. සේනානායක හා ඩඞ්ලි සේනානායක යන අගමැතිවරුන්ට සිටි විශ්වාසවන්ත සේවකයා වූ කරෝලිස් අයියා ඩඞ්ලි සේනානායක මැතිතුමන් මියගොස් කෙටි කලකින්ම තම ජීවිතයට ද සමුදුන්නේය.
නාරද නිශ්ශංක