කාදිනල්තුමා තේවත්තේදී ළමා දිනය සමරයි

46

දරුවෝ විශාල පිරිසක් සහභාගි වෙති

2024 අගරදගුරු පදවි ළමා දිනය කොළඹ අගරදගුරු පදවි අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් තුමාගේ ප්‍රධානත්වයෙන් තේවත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානයේදී පැවැත්විණි.

දේව මෙහෙයේ දේශනාව පවත්වමින් අගරදගුරුතුමා පවසා සිටියේ,

සාන්තුවරයෙක් කියලා කියන්නේ ලොකු දේවල් කරන අය නෙමෙයි, පොඩි පොඩි දේවල් හැමදාම හරියට කරලා අතින් අයට ප්‍රයෝජනවත් වෙන විදිහට ජීවත්වුණ අය තමයි සාන්තුවරයෙක් කියන්නේ. තමන්ගේ ජීවිතය තමන්ට වඩා අනිත් අයට ආදර්ශමත් වෙන විදිහට තමන්ගේ ජීවිත ගතකරන අය. අපි අනිත් අයට ආලෝකයක් වෙන විදිහට ජීවත් වෙන්න ඕන.

අද මේ සමාජයේ ඔබව නොමඟ යවන්න විවිධ බලවේග ක්‍රියාත්මක වෙනවා. අද තියෙන මේ සමාජය තුළ විවිධ විෂමතා සිදුවනවා දරුවන්ගේ ලෝකය අසහනයෙන් පුරවන්න. අසතුටෙන් පුරවන්න. අපේ වැදගත්ම දේ දෙවියන් වහන්සේ සොයාගෙන යාම. සාන්තුවරු කියන්නේ දෙවියන් වහන්සේ තුළ ජීවත් වෙන අය. දෙවියන් වහන්සේ ඔබට විශේෂ හැකියා, තලෙන්න, දෙමවුපියන්, සහෝදර සහෝදරියන් දීලා තියෙනවා ඔබව යම් තැනක තියලා තියෙනවා. ඒ සෑම දෙයක්ම කරන්නේ උන්වහන්සේ. ඔබේ ජීවිතය මෙහෙයවන්නේ උන්වහන්සේ. ඔබ මේ ලෝකයේ මායාවන් පස්සේ යන්නැතුව උන්වහන්සේගේ සැලැස්ම සොයා ගෙන යන්න.

කාදිනල්තුමා තේවත්තේදී ළමා දිනය සමරයි

ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න ඔබ දෙවියන් වහන්සේට උදව් කරන්න. දෙවියන් වහන්සේට ඉඩ දෙන්න ඕන. දෙවියන් වහන්සේ අපිට වෙනම පෞරුෂත්වයක් දීලා, ඉලක්කයක් දීලා මවලා තියෙන්නේ ඔබගේ විශේෂත්වය ඉස්මතු වෙන්න. ඔබ සන්තෝෂ වෙන්න ඔබගේ පෞරුෂත්වය ඔබ තුළ ඔබේ අඩුපාඩු ගැනත් සතුටු වෙන්න. ඔබ ඉස්සරහට යද්දී උන්වහන්සේ ඒ අඩුපාඩු නැති කරනවා ඔබ උත්සහවන්ත වුණොත් අපි තේරුම් ගන්න ඕන දේව කැමැත්තට, දේව ප්‍රශංසාවට අනුව හැමදේම පාවිච්චි කරන්න.

මෙම අවස්ථාවට කොළඹ අගරදගුරු පදවි සහයක රදගුරු හිමිපාණන්වරු, දිනේෂ් අප්පුහාමි පියතුමා, අගරදගුරු පදවි ධර්මෝපදේශ අධ්‍යක්‍ෂක, කොළඹ පදවියේ පූජාප්‍රසාදිතුමන්ලා හා කන්‍යා සොහොයුරියන් සහභාගි විණි. මෙහිදී දිව්‍ය පූජාවෙන් අනතුරුව දරුදැරියන් විසින් විවිධ ප්‍රසංගයක් ඉදිරිපත් කරන ලදී.

රොෂාන් ප්‍රදීප්

කාදිනල්තුමා තේවත්තේදී ළමා දිනය සමරයි
advertistmentadvertistment
advertistmentadvertistment