දරුවන් 3000ක් සැත්කම් පෝලිමේ…!

313
මිලියන 160ක් වටිනා Heart Lung Machines දෙකක් රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යාග කළ අයුරු

රිජ්වේ ආර්යා ළමා රෝහලට Heart Lung Machines දෙකක්

විවෘත හදවත් සැත්කම් අපේක්‍ෂාවෙන් පොරොත්තු ලේඛනයේ රෝගී කුඩා ළමුන් 3000ක් පමණ සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වාර්තා වී තිබේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ (LRH) හෘද උරස් ශල්‍යාගාරය වෙත විවෘත හදවත් සැත්කම් සඳහා භාවිතා කරනු ලබන Heart Lung Machines දෙකක් ලබාදීම පෙරේදා (29 දා) සිදුවිය.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි මෙරට රෝහල් පද්ධතිය සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් ලබා ගනිමින් රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළ යටතේ ජනාධිපතිතුමාගේද සෘජු මැදිහත්වීම යටතේ මෙම වෛද්‍ය උපකරණ ලබා ගැනීමට හැකියාව ලැබී ඇත. සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් එම උපකරණ ලබාදීම සිදු වූ අතර එම එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 80කි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විවෘත හදවත් සැත්කම් සඳහා භාවිත කරන යන්ත්‍ර වසර 15කට වඩා පැරණි වන අතර එම යන්ත්‍ර තවදුරටත් භාවිතා කිරීමට සුදුසු තත්ත්වයක නොපවතී. විවෘත හදවත් සැත්කම් සඳහා වන පොරොත්තු ලේඛනයේ දැනට කුඩා රෝගී ළමුන් 3000ක් සිටින බැවින් මෙම යන්ත්‍ර මගින් විශාල සේවයක් ලබාගත හැක.

advertistmentadvertistment
advertistmentadvertistment