මල​ල ක්‍රීඩා ඉසව් හෙට ඇරැඹේ

330

පිරිමි තරඟ ඉසව් 24 කින් සහ කාන්තා තරග ඉසව් 23 කින් සැදුම්ලත් වන මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි මලල ක‍්‍රීඩා තරග හෙට (30 වැනිදා) සිට අගෝස්තු 08 දින දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගි වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතින් නව ලෝක වාර්තා හෝ ඔලිම්පික් තරඟ වාර්තා බිහි වනු ඇතැයි අනුමාන කළ හැකිය.

1896 සිට 2016 ක‍්‍රියාත්මක කෙරුණු ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ආශ‍්‍රිතව නව තරග වාර්තා බිහිකර ඇති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බොහෝ දෙනෙකි. ඔවුන්ගේ විශිෂ්ට දක්ෂතා නිසා මලල ක‍්‍රීඩාව ආලෝකමත් වූ බවද නොරහසකි.

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මීටර් 400 කාන්තා ඉසව්ව නියෝජනව කරමින් නිමාලි ලියනආරච්චි සහ පිරිමි මීටර් 100 ඉසව්ව නියෝජනය කරමින් යුපුන් අබේකෝන් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලෙදී තරග වැදීමට නියමිතය. කෙසේ වෙතත් 2020 (2021* ජපාන – ටෝකීයෝ ඔලිම්පික් උළෙල ක‍්‍රියාත්මක වන මේ මොහොතේ ඔලිම්පික් වාර්තා ලාභී ජවන හා පිටිය මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙහි දැක්වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment