2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල – පිහිනුම් රන් පදක්කම කැත්ලීන්ට

238

කාන්තා මීටර් 1500 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන ඇමරිකා එක්සත් ජනපදයේ ලැඩිකී කැත්ලීන් ඊයේ (28* ජපානයේ ටෝකියෝ නුවර දී පැවැති 32 වන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

අදාළ ඉසව්වේ ප‍්‍රථම ස්ථාන දිනා ගැනීම සඳහා ඇයට මිනිත්තු 15.37.34 ක කාලයක් ගත විය.

Olimpic05 වන මූලික තරඟයට එක්වෙමින් මෙවර තරගාවලියට අවතීර්ණ වූ ලැඩිකී කැත්ලීන් එහිදී ප‍්‍රදර්ශනය කළ මිනිත්තු 15.35.35 ක දක්ෂතාවය නව ඔලිම්පික් වාර්තාවක් ලෙස සටහන් වීම කැපී පෙනුණි.

ඒ අනුව මීටර් 1500 නිදහස් ආර ඉසව්වේ ලෝක වාර්තාව (මිනිත්තු 15.20.48* ට සහ ඔලිම්පික් වාර්තාවට හිමිකම් කියන්නට ඇය සමත් වූවාය.

කාන්තා මීටර් 200 නිදහස් ආර ඉසව්වේ දී නව ඔලිම්පික් වර්තාවක් බිහි කරමින් රන් පදක්කමට හිමිකම් කියන්නට ඔස්ටේ‍්‍රලියාව නියෝජනය කළ අරීආර්න් ටිට්මස් සමත් වූවාය.

ඇයට ඒ සඳහා මිනිත්තු 01.53.50 ක කාලයක් ගත විය.

කාන්තා මීටර් 200 කේවල මිශ‍්‍ර ඉසව්වේ රන් පදක්කම ජපානයේ වයි.ඔහාෂී (මි:02.08.52* ට හිමිවිය.

පිරිමි මීටර් 200 × 4 නිදහස් ආර සහාය තරගයේ රන් පදක්කම (මි:06.58.58* බි‍්‍රතාන්‍යය සතු වූ අතර, හංගේරියාවේ කේ. මිලාක් පිරිමි මීටර් 200 සමනල ආර ඉසව්වේ නව ඔලිම්පික් වාර්තාවක් බිහිකිරීමට සමත් වූයේය. (මි :01.51.25* ක කාලයක් ගත කිරීමෙන් අදාළ වාර්තාව පිහිටුවන්නට කේ. මිලාක් සමත් විය. ඒ අනුව ලෝක ශූර මයිකල් පෙල්ප්ස් විසින් පිහිටුවා තිබුණු ඔලිම්පික් වාර්තාව මැකී ගියේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

Olimpic2
Olimpic3
advertistmentadvertistment
advertistmentadvertistment