කයිට් සර්ෆින් සඳහා ග්‍රීසියෙන් ක්‍රීඩා කණ්ඩායමක්

129

ජල සරුංගල් පැදීම (Kite surfing) සඳහා ග්‍රීසියේ සිට 35 දෙනකුගෙන් යුතු ක්‍රීඩා කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙම පිරිස දින 10 ක කාලයක් කල්පිටිය ප්‍රදේශයේ ජල සරුංගල් (Kite surfing) සහ සුළං ඔරු පැදීමේ (Wind surfing) ක්‍රීඩාවල නිරත වීමට නියමිතය.

මීට අමතරව තවත් යුරෝපීය රටවල මෙම ක්‍රීඩා සඳහා සහභාගි වන ක්‍රීඩකයන් විශාල පිරිසක් සෑම වසරකම තදින් සුළං පවතින දෙසැම්බර් සිට මාර්තු මාසය දක්වාත්, මැයි සිට ඔක්තෝබර් මාසය දක්වාත් කල්පිටිය ප්‍රදේශයට පැමිණීමට නියමිතය.

මෙම සංචාරය දකුණු ආසියාවේ විශාලතම ජල ක්‍රීඩා පාසල වන ද සිල්වා වින්ග් රිසෝට් ඇන්ඩ් වෝටර් ස්පෝට්ස් සෙන්ටර් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කර තිබුණි. මෙම පිරිස පිළිගැනීම සඳහා ජාත්‍යන්තර සම්මාන දිනූ ශ්‍රී ලාංකික ජල ක්‍රීඩකයන් දෙපළක් වන උපුල් ද සිල්වා සහ පැතුම් ද සිල්වා යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment