ස්ත‍්‍රීන්ට බුදුවෙන්න බැරිද

192

‘මනුස්සත්තං – ලිංග සම්පත්ති – හේතු – සත්ථාර දස්සනං
පබ්බජා – ගුණ සම්පත්ති – අධිකාරොච ඡුන්දතා
අට්ඨධම්ම සමොධානා – ආභිනීහාරො සම්ජ්ඣති’’

බුදුවීමට නියත විවරණය ලබන බෝසතුනට ලබන ජාතියේ දී තිබිය යුතු ධර්ම අටක් මෙහි සඳහන් වෙයි. එනම්, මනුෂ්‍යයකුට ත‍්‍රිහෙතුක ප‍්‍රතිසන්ධිය ලැබූ මනුෂ්‍යයෙකුව ඉපිද සිටීමය. පිරිමි ආත්මභාවයක් ලබාගෙන තිබීමය. එම ආත්මභාවයේදීම එම ජාතියේදීම ‘‘උත්තරී මනුස්ස ධම්ම’’ යන එනම් ධ්‍යාන හා මාර්ගඵල ලැබීමට හේතු වාසනා ඇතිවී සිටීමය. ජීවමාන බුදුකෙනෙකුන් දක්නට ලැබීමය. බුදු සසුනක හෝ බාහිර තවුස් පැවිද්දකින් (කම්ඵල අදහන) පැවිදි බව ලබා ගිහි ගෙයින් නික්ම විසීමය. ධ්‍යාන අභිඥා විශේෂයෙන් උපදවා සිටීමය. බුදුබව පිණිස සසරදී පතාගෙන එන බවයි. ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කොට බුදුබව පැතීමේ මහත් කැමැත්ත ඇති බවය. යන මේ අෂ්ඨධර්ම පරිපූර්ණයෙන්ම නියත විවරණයක් ලැබෙන බව ධර්මයෙහි සඳහන් වන හෙයින් බුදුබව ලැබීමට නොව නියත විවරණයක් ලැබීමට පවා ස්ත‍්‍රියකට නොහැකි බව පෙනේ.

එමෙන්ම පසේ බුදු බවද ස්ත‍්‍රීන්ට නොලැබේ. ධ්‍යාන වල විපාක දීමේදී ප‍්‍රණීතව ධ්‍යානය ලබා සිටියත් ස්ත‍්‍රීන් උපදිනුයේ එම ධ්‍යානයට අයිති හීනතාවල බවද කියවේ. මෙය ස්ත‍්‍රී චිත්තයේ ඇති දුර්වලතාවයක් ලෙස සැලකිය යුතුය. එහෙයින් ස්ත‍්‍රියක් බුදුවන්නට අදහස් කරන්නේ නම් ඇය විසින් පළමු කොටම කළ යුත්තේ ස්ත‍්‍රී ආත්මභාවයෙන් මිදී පිරිමි ආත්මභාවයක් ලබා ගැනීම වේ. අප බෝධිසත්වයන් වහන්සේද ඉතාම ඈත කාලයක ‘ඉතිකුමාරි’ නමින් ස්ත‍්‍රී ආත්මයක උපත ලබාසිටි බවත් ‘පුරාණ දීපංකර’ නම් බුදුරජාණන් වහන්සේට අබ තෙල් පුදා ස්වාමියා සොයා ගොස් ඔහුගෙන් පිරිමි ආත්මභාවයකට විවරණ ලද බවත් ප‍්‍රකට කථා පුවතකි. එහෙයින් බුදුවන්නට ආශා ඇති ස්ත‍්‍රීහු සිටිත් නම් ඒ උත්තමාවන් කළ යුත්තේ පළමු කොට පතිපූජිකාවක්ව සැමියා පුදන්නියක්ව සිට පිරිමි ආත්මභාවයක් ලබාගැනීමය.

ශාස්ත‍්‍රපති දෑරංගල මංගල හිමි
මෛත‍්‍රී ධර්මායතනාධිපති

advertistmentadvertistment
advertistmentadvertistment