වන්දි පදනම මත හා විශ්‍රාම ගිය ඉංජිනේරු සංස්ථා සේවකයන්ගේ මිලියන 3700ක් බහිරවයා ගිලලා

207

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ විශ්‍රාමික හා වන්දි පදනම මත විශ්‍රාම ගිය සේවකයන්ට නියමිත ගෙවීම් ලබාදීමට රුපියල් මිලියන 3700 ක් ජනාධිපතිවරයා විසින් අනුමත කොට මහා භාණ්ඩාගාරයට නිදහස් කර ඇතත් මේ දක්වා එම මුදල් ලබාදීම සිදුකර නැතැයි අනාවරණය වේ.

මේ සඳහා පියවර ගත යුතුව ඇති කළමනාකාරීත්වයේ මන්දෝත්සහයිභාවය හේතුවෙන් සේවකයන් දැඩි කනස්සල්ලට සහ වේදනාවට ලක්ව සිටින බව එම සංස්ථා පොදු සේවක සමිතියේ නියෝජ්‍ය ලේකම් තුෂාර ගුණසේකර මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් එක් එක් පාර්ශ්වයන් විසින් දෙපාර්තමේන්තු වෙත පැමිණිලි කර ඇති බවත් ඒ සඳහා ආයතනය සහභාගි නොවීම මත සේවකයන්ට තම ගැටලු ඉදිරිපත් කර සාධාරණය ඉටුකර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය සහ මහ භාණ්ඩාගාරය මෙන්ම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් ද මැදිහත්ව කටයුතු කරනු ඇති බවට විශ්වාසය පළ කරන බවත් හෙතෙම සඳහන් කරයි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව 1962 ජනවාරි මස රාජ්‍ය කාර්මික නීතිගත සංයුක්ත මණ්ඩල පනත යටතේ පිහිටුවන ලදුව 1972 ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව වශයෙන් වෙනස් කෙරිණි. එහි නිර්මාතෘවරයා වන්නේ කීර්තිමත් විද්වතකු, ඉංජිනේරුවරයකු වන ඒ. ඒ. එස්. කුලසිංහ මහතායි.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment