සිතුල්පව්ව විහාරාධිපති හිමි ආදාහන පූජෝත්සවය හෙට

73

ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය ඇතුළු අෂ්ට මහා විහාරාධිපති සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අග්ගමහා පණ්ඩිත මැටරඹ හේමරතන නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට (5 දා) සවස යටගල රජමහා විහාරස්ථ ආදාහන මළුවේදී සිදුකිරීමට නියමිතය.

සිතුල්පව්ව රජමහා විහාරයේ තැන්පත් කර තිබූ ශ්‍රී දේහය පිළිබඳ මතකවස්ත්‍ර පූජාව අද (4 දා) පෙරවරුවේ එහිදී සිදුකිරීමට නියමිතය. අනතුරුව දේහය යටගල රජමහා විහාරස්ථානයට වැඩම කරවා එහි තැන්පත් කිරීමට නියමිතය.
මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment