පුරාවිද්‍යා වැඩ කරන්න 2023 ට මුදල් නිදහස් කර නෑ

124

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් අස්වෙන තැනට පත් කිරීම කනගාටුවක් – ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පුරාවිද්‍යා කාර්යයන් සිදුකර ලීමට 2023 වසර සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන නිදහස් කර දී නැති තත්ත්වයක් ද පවතින මොහොතක පුරාවිද්‍යා පනත ආරක්‍ෂා කරලීමට බැඳී සිටින පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට සිය පදවියෙන් අස්වීමට හේතුවූ තත්ත්වය ගැන දැඩි කනස්සල්ල පළකරන බව ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව අවධාරණය කරයි.

එහි සභාපති පුරාවිද්‍යාඥ මහාචාර්ය යමුනා හේරත් හා ලේකම් පුරාවිද්‍යාඥ සුජාතා පෙරේරා ඒකාබද්ධ ප්‍රකාශයකින් මේ බව ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා දේශපාලන පක්‍ෂ නියෝජිතයන් පිරිසක් සමග පැවැත්වූ සංවාදයේදී කුරුන්දි විහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ වූ කරුණු මත දේශපාලනයේ ඇතැමුන් එය වැරදි ලෙස අර්ථ ගැන්වීමට ප්‍රයත්න ගෙන ඇති බව ද මහාචාර්ය අනුර මනතුංග මෙම තත්ත්වයන් තුළ පුරවිද්‍යා පනත ආරක්‍ෂා කරලීමට යත්න දරා ඇති බව ද එහි දැක්වේ.

උද්ගතව ඇති තත්ත්වය මත දැනට පුරාවිද්‍යා කටයුතු කරනුයේ සීමිත මුදල් ප්‍රතිපාදන ඔස්සේ බව ද එමගින් අවධාරණය කර තිබේ.

යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment