පකිස්තානයේ පඩි ගෙවීම අඩියටම වැටේ

730

පකිස්තාන ක්‍රීඩකයන්ට පසුගිය මාස පහක පමණ කාලයක සිට ගෙවිය යුතු මුදල් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙවා නැතැයි වාර්තා වේ.

හිටපු පාකිස්තාන නායක රෂීඩ් ලතීෆ් ඒ පිළිබඳව චෝදනා කරමින් පවසන්නේ පාකිස්තාන ක්‍රිකට් සභාපති සකා අෂ්රෆ් වෙත නායක බාබර් අසාම් කෙටි පණිවිඩ යොමු කළද ඒවාට ප්‍රතිචාර දැක්වීමට හෝ එරට ක්‍රිකට් පාලනාධිකාරිය කටයුතු කර නොමැති බවයි.

“බාබර් අසාම් සභාපතිවරයාට පණිවිඩ යවා තියෙනවා. නමුත් ප්‍රතිචාර නෑ. ඔහු තම කණ්ඩායමේ නායකයාට ප්‍රතිචාර නොදැක්වීමට හේතුව කුමක්ද? සභාපතිවරයා කියනවා ක්‍රීඩක කොන්ත්‍රාත්තු නැවත සිදු කරන බව. ඒ වුණත් ක්‍රීඩකයන්ට මාස පහක් තිස්සේ වැටුප් ගෙවා නෑ. ක්‍රීඩකයන්ට ඇහුම්කන් දිය යුතුයි” රෂීඩ් ලතීෆ් පැවැසීය.

advertistmentadvertistment
advertistmentadvertistment