ජනාධිපති අභියෝග කුසලාන රග්බි තරගාවලිය 25 වැනිදා සිට

133

ජනාධිපති අභියෝග කුසලාන අන්තර් පාසල් අවුරුදු 20 න් පහළ ප්‍රමුඛ පෙළ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය සිකුරාදා (25) දින පස්වරු 04.00 ට කොළඹ සහිරා විදුහල සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල අතර තරගයෙන් ආරම්භ කෙරේ.

ඩයලොග් ආසියාටා සමාගමේ සංවිධාන ශක්තියෙන් තරගාවලිය බල ගැන්වෙයි.

ලීග් ශූරතා රග්බි තරගාවලියේ දී ප්‍රදර්ශනය කළ දක්ෂතා පදනම් කර ගනිමින් මෙවර පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය සඳහා කණ්ඩායම් නම් කිරීමට සංවිධායකයන් වන ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය පියවර ගත්තේය.

ලීග් තරගාවලියේ අනු ශූරතාව තහවුරු කර ගත් කොළඹ රාජකීය විදුහල මෙවර තරග මාලාවට එක්ව නොසිටීම ද ඒ අතරේ කැපී පෙනෙයි.

එහි ප්‍රතිඵලයක් ලෙස පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ ඉසිපතන විදුහලට වාසියක් ලබා දීමට සංවිධායකයන් තීරණය කර තිබේ. දෙවන, තෙවන සහ සිව්වන අර්ධ අවසන් පූර්ව තරග අගෝස්තු 25, 26, 27, දිනවල පැවැත්වේ.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව තරග සැප්තැම්බර් 02 සහ 03 කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරෙන අතර තීරණාත්මක අවසාන මහා තරගය සැප්තැම්බර් 10 දින ප. ව. 04.15 ට කොළඹ රීඩ් මාවතේ පිහිටි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ.

අර්ධ අවසන් පූර්ව තරග සැළසුම

2023.08.25.

සහිරා විදුහල සහ ඩී. එස්. සේනානායක විදුහල අතර හැව්ලොක් පිටියේදී

2023.08.26.

ශාන්ත අන්තෝනි විදුහල සහ ශාන්ත ජෝශප් විදුහල අතර හැව්ලොක්ස් පිටියේදී

2023.08.27.

ශාන්ත පීතර විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර හැව්ලොක්ස් පිටියේදී
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment