සුරාබදු ව්‍යාජ ස්ටිකර් ඉදිරි වැඩ සී.අයි.ඩී.යට – ඇමැති රංජිත් සියඹලාපිටිය

60

මත්පැන් බෝතල්වල අලවන ලද ව්‍යාජ ස්ටිකර් පිළිබඳ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික වාර්තාව තමන් වෙත ලැබුණු බවත්, ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම සිදු කරන බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19දා) මුදල් අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.

මෙහිදී සියඹලාපිටිය මහතා මෙසේද කීවේය.

මත්පැන් බෝතල්වල අලවන ස්ටිකර් පිළිබඳ පසුගිය සතියේ කතා බහට ලක්වුණ සිද්ධියක්. ඒ සම්බන්ධව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික වාර්තාව මට ලැබුණා. ඒ අනුව අපි තීරණය කරා විශේෂයෙන්ම පිටත තිබී අසුවුණ ස්ටිකර් සම්බන්ධව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් කරලා මේ සම්බන්ධව පරීක්ෂණයක් ඉල්ලා සිටීමට. දෙවැනි කරුණ බෝතල්වල අලවා තිබුණු සමහර ස්ටිකර්ස් පිළිබඳ ඇතිවුණු අපැහැදිලිතාව පැහැදිලි කර ගැනීමට විශේෂයෙන්ම එම ස්ටිකර්වල විද්‍යුත් ඇගයීම නැත්නම් (ෘසටසඒක ෂබාසජ්එසදබ) ඩිජිටල් ඉන්ඩිකේෂන් එක හරියාකාරව සිදු වෙනවා ද කියන කරුණ බැලීම සඳහා වෝහාරික පරීක්ෂණයක් අදාළ විදේශීය ආයතනයකින් සතියක් තුළ කරවා ගෙන පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට. මීටත් අමතරව මේ ස්ටිකරය හරියාකාරව ක්‍රියාත්මක වීම, මේ තුළින් නිසියාකාර ආදායම් ලැබීම පිළිබඳ නිතිපතා සොයා බැලීමට නිශ්චිත පරීක්ෂණ කණ්ඩායමක් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් යෙදවීමට සහ ඔවුන්ගෙන් වාර්තා ලබා ගැනීමට කටයුතු කරනවා. ඉතාම ඉක්මනින් නිවැරදි කරලා රාජ්‍ය ආදායම නිසි පරිදි ක්‍රියාත්මක කරවා ගැනීමටත් අනික් පැත්තෙන් පාරිභෝගිකයාගේ පැත්ත ආරක්ෂා කර ගැනීමටත් කටයුතු කරනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment