ගිනි තබා බිරිඳ මරයි

599


යාපනයේ මූලවෙඩ්ඩි ප්‍රදේශයේ නිවසකදී සිය භාර්යාවට ගිණි තබා ඝාතනය කල සැකකරුවකු චුන්නාකම් පොලීසිය විසින් ඊයේ (25 දා) අත් අඩංගුවට ගෙන ඇත.
දරුවන් දෙදෙනෙකුගේ මවක් වූ රෙජි නිශාන්තන් නිශාන්දිනී (43) නැමති මෙම කාන්තාවගේ ස්වාමියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකු වන අතර ඔහු මත්ද්‍රව්‍ය ගැනීමට මුදල් ඉල්ලා කරදර කළ අවස්ථාවේදී ඔහුගේ බිරිද ඊට මුදල් ලබා නොදීම නිසා ඇයගේ සිරුරට භූමිතෙල් වත්කොට ගිණි තබා ඇති බවට මූලික පරීක්ෂණ වලදී තොරතුරු හෙළි වී තිබේ.
ඇදුම් වලට ගිණි ගත් කාන්තාව කෑ මොර දෙද්දී අසල්වාසීන් පැමිණ ඇගේ සිරුරේ ගින්න නිවා යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇයව ඇතුළත් කොට ඇත.
ඒ වන විට ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සදහා යාපනය ශීක්ෂණ රෝහලට මාරු කොට යවා ඇති අතර ඇය එහිදී මියගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment