ගව ඝතනයට වැට… පනත් කෙටුම්පත් පහකට කැබිනට්‌ අනුමැතිය

300

මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට අදාළ නීති, පනත් සහ ආඥාපනත් සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ නව පනත් කෙටුම්පත් පහක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

දේශීය කෘෂිකර්මාන්තය සහ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ගව ඝාතනය තහනම් කිරීම සඳහා අදාළ පනත් සංශෝධනය කිරීමට ඉකුත් 2020 සැප්තැම්බර් මස 28 දා රැුස්වූ ඇමැති මණ්ඩල රැුස්වීමේදී අනුමැතිය ලබා දී තිබිණි. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් අදාළ නව පනත් කෙටුම්පත් සකස් කර ඇත. ඒවා ගැසට් පත‍්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් සම්මත කර ගැනීම සඳහා මෙසේ කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

272 අධිකාරය වන 1893 අංක 09 දරන ගෝ ඝාතක පනත, 1958 අංක 29 දරන සත්ව පනත, 252 අධිකාරය වන මහ නගර සභා ආඥාපනත, 255 අධිකාරය වන නගර සභා ආඥාපනත සහ 1987 අංක 15 දරන ප‍්‍රාදේශීය සභා පනත යන පනත් මෙසේ සංශෝධනයට ලක් කෙරෙයි.

සකස් කරන ලද පනත් කෙටුම්පත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බවට නීතිපතිවරයා විසින්ද සහතික කර ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment