වැට් සංශෝධන පනත් කෙටුම්පත සාකච්ඡාවට මැති සබය දෙසැ. 10 ඉරිදාත් රැස් වෙයි

54

පාර්ලිමේන්තුව ලබන මස (දෙසැම්බර්) 10 වැනි ඉරිදා රැස්වී එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ අයවැය විවාදය පැවැත්වීමට නියමිතය.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව ඇත.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සම සභාපතීත්වය යටතේ සහ කාරක සභා සම සාමාජික සංඛ්‍යාවක් යටතේ මෙම කාරක සභාව ස්ථාපිත කිරීම සඳහා මෙහිදී එකඟත්වය පළ වූ බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පැවසුවාය.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු අනෙකුත් ආයතන සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් ඉදිරියට පැවැත්වීමටත් කාරක සභා සභාපතීත්වය සම්බන්ධයෙන් පියවර ගන්නේ නම් එය කාරක සභා සාමාජිකයන්ගේ තීරණයක් පරිදි සිදුවිය යුතු බවටත් මෙහිදී සාකච්ඡා වී ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment