බීමත් රියැදුරා පවුලක් බිලි ගනී

338

වැල්ලවාය නුගයාය ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මියගොස් දරුවෙකු තුවාල ලබා තිබේ.වැල්ලවාය තණමල්විල මාර්ගයේ ගමන්ගත් ත්‍රීරෝද රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්ය.‍අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.මියගිය පිරිස අතර ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ 44 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක් 42 හැවිරිදි ඔහුගේ බිරිඳ හා 70 හැවිරදි ඔහුගේ පියා වන බව වාර්තා වේ.ත්‍රීරෝද රථයේ ගමන් ගත් 11 හැවිරිදි දරුවෙකු තුවාල ලබා මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබයි.අනතුර සම්බනධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ ඔහු බීමත්ව සිට ඇති බව පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment