ඉන්දීයාවෙන් තවත් බිත්තර එයි

139

ඉන්දියාවෙන් ආනයන කළ තවත් බිත්තර ලක්ෂ දහයක තොගයක් ඊයේ (04) රාත්‍රී දිවයිනට රැගෙන ආ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති අසිරි වලිසුන්දර මහතා පවසයි. එම බිත්තර තොගය මේවනවිට අනුමැතිය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බව ද සදහන් කරයි. මෙම බිත්තර නියදි අද (05) දිනයේ පරීක්ෂණාගාර වෙත යොමු කරන බව ආසිරි වලිසුන්දර මහතා පැවසුවේය.ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර සාමාන්‍ය පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා මේ වන තෙක් අවසර ලැබී නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment