ජනකගේ පුටුව තවමත් හිස් -මහජන උපයෝගිතා කොමිසමේ වැඩ අවුලක

166

ලංකා විදුලිබල මණ්ඩලය නියාමනය සඳහා ස්ථාපිත කළ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනක රත්නායක මහතා ඉකුත් මැයි 24 වැනිදා එම ධුරයෙන් ඉවත් කළ පසු අලුත් සභාපතිවරයකු පත් නොකළ නිසා කොමිසමේ කටයුතු අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

2002 අංක 35 දරන පනත යටතේ මෙම කොමිසම ස්වාධීන කොමිසමක් ලෙස ස්ථාපිත කරනු ලැබුවේ මහජනතාව ආරක්‍ෂා කිරීම සඳහා සියලු බලතල පවරමිනි. ඒ අනුව විදුලි ගාස්තු ඉහළ පහළ දැමීම, පුද්ගලික විදුලිබලාගාර වලින් විදුලිය මිලදී ගැනීම, අඛණ්ඩව පාරිභෝගිකයන්ට විදුලිබල සැපයුම ලබාදීම, විදුලි ව්‍යාපෘති සඳහා අනුමැතිය දීම ආදී ලංවිම ගන්නා සියලු තීන්දු තීරණ නියාමනය කිරීම මහජන උපයෝගිතා කොමිසම යටතේ සිදුවෙයි.

මීට අමතරව ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ජලසම්පාදන හා ජලපවහන මණ්ඩල නියාමනයට ද මෙම කොමිසමට බලය හිමි වී තිබුණත් ඊට අදාළ අවසන පනත් සම්මත නොවූ නිසා කොමිසමට එම ආයතන දෙක නියාමනයට අවස්ථාව හිමි නොවුණි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment