දියණියට උසුළු විසුළු කළ අය අත්අඩංගුවට නොගත්තැයි සිරුරට භූමිතෙල් හලාගෙන පියා පොලිසිය ඉදිරිපිට දිවිනසා ගන්න හදයි

1085

සැක පිරිස අල්ලන්නැයි උසාවිය නියෝග දී තිබියදීත් අච්චුවේලී පොලීසිය එය මග හැරලා

යාපනය අච්චුවේලී පොලීසිය ඉදිරියට පැමිණි පුද්ගලයෙකු පොලීසියට විරෝධය දක්වමින් සිය සිරුරට භූමිතෙල් හලාගෙන ගිනි තබා ගැනීමට 17 දා උත්සාහ කොට තිබේ.

යාපනයේ ආවරංගල් ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයාගේ දියණියට පුද්ගලයෙකු උසුලු‍ විසුලු‍ කරමින් බොරු කතා ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අච්චුවේලී පොලීසිය අපොහොසත්වීම නිසා ඊට විරෝධය පල කරමින් මොහු සිය සිරුරට ගිනි තබා ගැනීමට උත්සාහ කොට තිබේ.

යාපනය අධිකරණය විසින් ඉහත කී සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කොට තිබුණද පොලීසිය ඔවුන්ව අත්අඩංගුවට නොගෙන ඔවුන්ට නිදැල්ලේ විසීමට ඉඩකඩ සපයා දුන් බවටද ගිනි තබා ගැනීමට ගිය පුද්ගලයා චෝදනා කොට සිටියි.

කෙසේ වෙතත් ඔහුගේ සිරුරට භූමිතෙල් බෝතලයක්ම වත්කර ගත් පුද්ගලයා සිය සිරුරට ගිනි තබා ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී අච්චුවේලී පොලිසියේ නිලධාරීන් පිරිසක් වහා දිව ගොස් ඔහුව බදාගෙන ඔසවාගෙන රැගෙන විත් තිබේ.

අච්චුවේලී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment