අරගලයට පෙර සංවිධාන 8කට ඩොලර් ගලලා

1006

ගාලුමුවදොර අරගලය සිදුවීමට පෙර විදේශයක සංවිධානයක් මෙරට සංවිධාන අටකට ඩොලර් මිලියන අටක අතිවිශාල මුදලක් ලබාදී ඇතැයි වාර්තාවේ.

මේ නිසා මෙරට විවිධ සංවිධාන ලියාපදිංචිය අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබේ.

මෙම විදේශ සංවිධානයේ සහය වන එම සංවිධානය අයත් රාජ්‍යය සිය තානාපති කාර්යාල තුළ සමාජ අඩවි ක්‍රියාකරන 40 දෙනකුට පුහුණුවීමක් ලබාදී ඇත.

මේ බව හමුදා බුද්ධි අංශවලට වාර්තා වුවත් නිසි පියවරක් ගෙන නැත. මේ අතර සංහිඳියා කටයුතු සඳහා යයි දක්වමින් එම විදේශ සංවිධානය ඩොලර් බිලියන 1.6 ක් රාජ්‍ය නොවන සංවිධාන 10 කට ලබාදී ඇතත් එම මුදල් වැයවූ අයුරු හෙළිවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment