අනියම් පෙමක පැටළුණු පොලිස් ස්ථානාධිපතිට යුද හමුදා සෙබළාගෙන් ගුටි

745

යුද හමුදා සෙබළකුගේ බිරිඳක් සමග අනියම් සබඳතාවක් පවත්වා ගෙන ගිය අනුරාධපුර කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවර සෙබළාගේ අතට අසුවීමත් සමග ඔහුගේ පහර කෑමට ලක්වූ සහයට පැමිණි පොලිස් කොස්තාපල්වරයකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්, ස්ථානාධිපතිවරයා තම යතුරුපැදිය බිම දමා දිව ගොස් ජීවිතය බේරා ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මීට පෙරද අදාළ කාන්තාව එම පොලිස් ජනාධිපතිවරයා සමඟ අනියම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් තිබියදී හමුදා සෙබළාට එය අනාවරණය වීමෙන් පසු, දැඩි ලෙස අවවාද කර සිටින අතර වාරයේදී යළි එම සබඳතාවය පිළිබඳව විමසිල්ලෙන් සිටියදී මේ පිළිබඳව දැන ගත් බව යුද හමුදා සෙබළා ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කියයි.

වව්නියාව යුද හමුදා කඳවුරේ සිට, රාජකාරි කටයුත්තක් සඳහා කොළඹට ගොස් එන අතරවාරයේ දී රාත්‍රී 7.30ට පමණ සිය බිරිඳට ඇමතුමක් ලබාගත් අවස්ථාවේදී යෙහෙළියකගේ අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බව බිරිඳ පැවසීමෙන් අනතුරුව, සෙබළා නොදන්වාම වෛද්‍ය මධ්‍යස්ථානය අසලට පැමිණ ඇති බව පොලිසිය සඳහන් කළේය.

ඇති වූ සැකය මත එම සෙබළා වෛද්‍ය මධ්‍යස්ථානය ආසන්නයේ සිදු කළ සොයා බැලීමකදී බිරිඳ සහ යෙහෙලිය යතුරුපැදියක පැමිණි දෙදෙනෙකු සමග කතා කරන අයුරු දැක එක්වරම මෙම පුද්ගලයා යතුරුපැදියේ සිටි දෙදෙනාට පහර දීමට පටන්ගෙන ඇතැයි පොලිසිය කියයි. මෙසේ පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා මේ වන විට රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, පොලිස් ස්ථානාධිපතිවරයා වන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට අයත්, යතුර පැදිය මෙම ස්ථානයේම දමා දිව යෑමෙන් අනතුරුව එය පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment