ශ්‍රී වික්‍රම රාජසිංහ දැයේ නිදහස උදෙසා කළ සටන්

464

මෙවර අප සමරන්නේ 75 වැනි ජාතික නිදහස් දිනයයි. 1815 මාර්තු 02 වැනි දින සුප්‍රකට උඩරට ගිවිසුම මගින් මුළු දිවයිනම ප්‍රථම වරට බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් වූ පසු ඔවුන් යටතේ වසර 133 ක් පාලනය වී 1948 පෙබරවාරි 04 වැනි දින එම පාලනය ශ්‍රී ලාංකිකයින් අතට පත්වීම එහි අර්ථයයි.

මෙහි දී අප අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව පාලනය කළ අවසන් විදේශීය ආක්‍රමණිකයා වූ බ්‍රිතාන්‍යයන්ගෙන් හෙවත් ජනවහරෙහි භාවිතා වන පරිදි ‘සුද්දා’ ගෙන් රට නිදහස් කර ගැනීමයි. මෙහිදී අප බෝහෝ විට ප්‍රධාන වශයෙන් කථා කරන මාතෘකාවට භාජනය කරන්නේල 1818 වසරේ සිට 1848 දක්වා ඇතිවූ නිදහස් සටන් පිළිබඳවය. කැප්පෙටිපොළ නිලමේ තුමා ඇතුළු විරුවන්ගේ සහභාගිත්වයෙන් ඇරඹි 1818 නිදහස් සටන හා වීර පුරන්අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා ඇතුළු විරුවන්ගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි 1848 කැරැල්ල අතර කාලය තුළත් 1820 ජනවාරි හා ජුලි 1823 මාතලේ, 1834 හා 1842 ආදි වශයෙන් අමතර නිදහස් සටන් 05 ක් වශයෙන් සටන් 07 ක් පැනනැගි ඇති අතර ඒ ගැන බොහෝ දෙනෙක් දැනුවත්ය.

එහෙත් ඊට ප්‍රථම ඉංග්‍රිසින් ශ්‍රී ලංකාවට ගොඩබට දින සිට එවකට උඩරට පාලකයා හෙවත් සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මෙහෙයවීමෙන් සිදු ව ූසටන් ගැන සාකච්ඡාවීම හෝ අවධාරණය කිරීම ඉතාමත් අල්පය.

මෙලෙස දිවයින සම්පූර්ණයෙන් ඉංග්‍රීසි පාලකයා යටතේ සිදුකළ නිදහස් සටන් ගැන බොහෝ දෙනෙක් දැනුවත් හෙයින් ඊට ප්‍රථම ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේ ඉංග්‍රිසින්ට එරෙහිව සිදු වූ සටන් පිළිබඳව මෙම නිදහස් දිනයේ දී කෙටියෙන් කරුණු දැක්වීම ප්‍රයෝජනවත් වේයයි සිතමි.

මේජර් ජෙනරාල් මැක්ඩොවල් සහ 51 වැනි හා 19 වැනි සේනාංක මේජර් ජෙනරාල් මැක්ඩෝවල් යනු සුළුවෙන් තැකිය යුතු පුද්ගලයකු නොවේ. එවකට ලොව බලවත්ම රෙජිමේන්තු වශයෙන් සැලකුණු 19 වැනි සහ 51 වැනි හමුදා රෙජිමේන්තු පාලනය කළේ ඔහු විසිනි. එසේම එකල ලොව බලවත්ම පාලකයකු හා යුදකාමියකු වූ ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් සහ එම හමුදා නෙදර්ලන්තයේ ‘වෝටර්ලු’ හිදී නෙල්සාන් සාමිවරයාගේ නායකත්වයෙන් පරාජය කිරීමේ දී එම හමුදා මෙහෙය වූයේ මේජර් ජෙනරාල් මැක්ඩොවල්ය.

එනයින් බලනවිට මැක්ඩෝවල් සහ ඔහු යටතේ සිටි 19 සහ 51 යන රෙජිමේන්තු යනු එවකට ලොව දියුණු බලවත්ම සේනාවක් පරාජය කළ අතිදක්ෂ හමුදා සාමාජිකයින්ය. මෙහිදි දැක්විය යුතු සුවිශේෂී කරුණක් වනුයේ හමුදා ජෙනරාල් මැක්ඩෝවල් විසින් 1782 දී පළමුව ත්‍රීමලය වරාය ලන්දේසින් වෙතින් අල්ලා ගත් පසු ප්‍රංශ හමුදා විසින් ත්‍රිමල වරාය අල්ලාගත් නමුත් ඔවුන් පරාජය කර නැවත ත්‍රීමලය අල්ලා ගැනීමට ඔහුට හැකිවීමයි.

එදා අපේ සෙබළුන් සටන් කළේ එවක ලොව අති ප්‍රබල දක්ෂ යුදකාමින් පිරිසක් සමගනි. අපේ අතීත සටන් වඩා වැදගත් වනුයේත්ල මෙම නිදහස් දිනයේ දී ඔවුන්ගේ එම සටන් පිළිබඳව අවබෝධයක් ලබාගත යුතු වනුයේත් එම සන්දර්භය තුළයි.

ප්‍රයෝග මගින් උඩරටට හමුදා එවා උත්සාහය කන්ද උඩරට රාජ්‍ය අල්ලා ගැනීමේ අදහසින් පෙලුනු පෙඩි්‍රක් නෝත් මුලින් කළේ රජුගේ අධිකාරම් වු පිළිමතලාවේ නිලමේ පොළඹවාගෙන ගිවිසුමක් මගින් මිතුරු වේශයෙන් ඉංග්‍රිසි හමුදාවක් උඩරට රඳවා තැබීමට උත්සහ කිරීමය.

මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැක්ඩෝවල් සෙනෙවියා මහනුවරට යෑම සඳහා කැලණි ගඟ තරණය කර සීතාවකට (හංවැල්ලට) පැමිණියත් ඔහු හමුදා භටයින් 1164 ක් කාලතුවක් 08 ක් සමග ඉංග්‍රිසි ධජයද පෙරටු කොට ගෙන පැමිණීම නිසා ඔහුට උඩරට ආචාර ධර්ම අනුව ඒවා සමග යෑමට ඉඩදිය නොහැකි බව රජුගේ නියෝජිත පිළිමතලාව විසින් දන්වන ලදි. ඒ අනුව ඔහුට මහනුවරට ඇතුළත් වීමට හැකි වූයේ කපිතන් ජොන්ස්ටන් නම් එක් නිලධාරියකු හා සෙබළු කිහිපයක් ද කුලී කරුවන් කිහිප දෙනෙකුට පමණි.

මෙම සාකච්ඡාව අසාර්ථක වුවත් උඩරට රැඳී සිටි 1801 මාර්තු මුල සිට මැයි 14 දක්වා කාලය තුළ ඔහු විසින් උඩරට පැමිණිය හැකි මාර්ග එහි හමුදා ශක්තිය යුධෝපාය පිළිබඳ සැලකිය යුතු අවබෝධයක් ලබා ගත්තාය. එසේම ඔත්තුකරු මාර්ගයෙන් උඩරට සිදුවන දේ පිළිබඳව ද සොයා බැලුවාය. ඒ අතරතුර උඩරට රාජ්‍ය සමග කිහිප විටක් සාකච්ඡා කළත් අසාර්ථක විය.

ඉංග්‍රීසින් ප්‍රථම වරට උඩරට ආක්‍රමණය කරයි

මේ අතර 1802 ජුනි මස පහතරට වෙළෙඳුන් පිරිසක් උඩරටින් මිලදී ගත් පුවක් තොගයක් රාජසන්තක කිරීම පිළිබඳ සිද්ධියක් හේතු ලෙස දක්වමින් 1803 ජනවාරි මස ජෙනරාල් මැක්ඩෝවල් කොළඹ සිට ගලගෙදර හරහාද, කර්නල් බාබුට් ත්‍රිකුණාමලය සිට නාලන්ද හරහාද හමුදාවක් ගෙන 1803 පෙබරවාරි 21 දින මහනුවරට ඇතුළු වී දඹදෙනියල මහනුවරල ගලගෙදරල හිරියාගම යන ස්ථානයන්හි හමුදා කඳවුරු පිහිටුවා ගත්තාය. මුත්තුසාමි නම් කුමාරකු උඩරට රජු ලෙසද නම් කළාය.

ශ්‍රී වික්‍රම රජු සොයා ඉංග්‍රීසි හමුදා හඟුරන්කෙතට

1803 මාර්තු 13 දින කර්නල් බේලි යටතේ 500ක් කර්නල් ලොගන් යටතේ 300ක් ලෙස 800 ක හමුදා සේනාංකයක් හා කුඩා කාලතුවක්කු සේනාංකයක්ද රජු සොයා හඟුරන්කෙත බලා පිටත් කරන ලදි. මෙම සේනංකවලට අයත් වූයේ මුලින් සඳහන් කළ 19 සහ 51 යන සේනාංකවලට අයත් සෙබළුන්ය.

කොපමණ බලවත් හමුදාවක් වුවත් ඉංග්‍රීසින්ට මෙය පහසු කාර්යක් නොවීය. කඳුකරයේ ගස් ගල් අතර සැඟවී සිටි උඩරට හේවායින් එල්ල කළ ප්‍රහාරවලින් භටයින් කිහිප දෙනෙක් මරණයට පත් ව ඇතැමෙක් තුවාල ලදහ. තමා සතුව සිටින්නේ ඉතා බලවත්ම හමුදාවක් යැයි සිතා ඉතා පහසුවෙන් රජු අල්ලා ගත හැකි යැයි ඉංග්‍රිසින් සිතා සිටියත් එම බලාපොරොත්තු කඩකිරීමට සිංහල හමුදාවන්ට හැකි විය. රජු හඟුරන්කෙතින් ද පසු බැස ගොස් සිටියේය. මේ කාලයේ කවිරාල නම් පුද්ගලයකු මාලිගය කොල්ලකෑමට උත්සහ කළද එය ව්‍යර්ථ වී රජු විසින් ඔහු උලතබා ඝාතනය කළ බව සඳහන් වෙයි.

බලාපොරොත්තු කඩවූ ඉංග්‍රිසි හමුදාව 1803 මාර්තු 15 නැවත මහනුවරට පසු බැස්සත් ඒ වන විට ඔවුන්ගේ භටයින් 40 ක් හා කුලීකරුවන් 19 ක් මිය ගොස් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා සිටියේය. මේ අතර වාරයේ උණ රෝගයෙන් හා බෙරි බෙරි රෝගයේද බොහෝ පිරිසක් පීඩාවට පත්වූහ.

ජෙනරාල් මැක්ඩෝවල් පසුබැස යයි

තමා සහ තම හමුදා ගැන බලවත් අභිමානය තමා සිතු තරම් උඩරට හමුදා දුර්වල නොවන බවත් දුර්වල වූයේ තමන් සහ තම හමුදාව බවත් වටහාගත් සේනාපති මැක්ඩෝවල් උඩරට තම හමුදා කර්නල් බාබ්‍රට්ට භාරදී අප්‍රේල් 01 දින කොළඹට පසු බැස්සේය.

උඩරට සිංහලයන්ගේ ප්‍රබල ප්‍රහාරය ඉංග්‍රීසින්ගෙන් ලද සුවිශාලම පරාජය

1803 ජුනි 26 දින සිංහල හමුදා විසින් එල්ල කරන ලද අති ප්‍රබල ප්‍රහාරයකින් පසු ගලගෙදරල ගිරිහාගම සහ මහනුවර තිබූ සියලු ඉංගීිසි කඳවුරු අල්ලා ගැනීමට උඩරට හමුදවන්ට හැකි විය. දඹදෙනිය කඳවුර අල්ලා ගැනීමට මීගස්තැන්න නිලමේ සටන් කළද එය අසාර්ථක වුවත් එහි සිටි ඉංග්‍රීසි හමුදා කොළඹට පසුබැස ගියාය. මාතලේ මැක්ඩෝවල් බලකොටුවේ සිට කපිතන් මාජි ඇතුළු හමුදා ත්‍රී’මලයට පසු බැස්සේය.

උඩරට පිහිටි ඉංග්‍රීසි කඳවුරුවලට සිංහල හමුදා එල්ල කළ ප්‍රහාරයේ දී ඉංග්‍රිසි ජාතිකයින් ගෙන් බේරුණේ අණදෙන නිලධාරි මේජර් ඩේවිල මේජර් හම්ප්‍රීල කපිතන් රමිල බෙත්සන් සහ කෝප්‍රල් බාන්ස්ලී පමණි. ඔවුන් සමාව ලබා මහනුවර දිවි ගෙවූහ. බෙත්සන් හංවැල්ල සටනේ දී ඉංග්‍රිසි වෙඩි පහරකින් මිය ගියේය. කෝප්‍රල් බාන්ස්ලී පසුව ඉංග්‍රීසින්ට එකතු විය. සිංහල සෙබළුන් එදා එල්ල කළ ප්‍රහාර පිළිබඳව අපූරු විස්තරයක් කෝප්‍රල් බාන්ස්ලී පවසයි. එම ප්‍රහාරයට සිංහලයින් පැමිණියේ 10 සහ 15 කුඩා කණ්ඩායම් වශයෙනි. එය නූතනයේ කොමාන්ඩෝ හමුදාවක් භාවිතා කරන උපක්‍රමයකි. එම ප්‍රහාරයට මොහොතකට පෙර ඉංග්‍රීසි කඳවුර තුළ සිවිල් සේවකයන් ලෙස සේවය කළ සිංහල අංගමික සටන්කරුවෝ විසින් ඉංග්‍රිසි සෙබළු නිරායුධ කළහ.
මෙම ප්‍රහාරයෙන් ඉංග්‍රිසි භටයින් 592 ක් මියගොස් ඔවුන්ගේ කාලතුවක්කු 02 ක් ඇතුළු සියලු අවි ආයුධ සිංහලයන් අතට පත්විය. බෙංගාලිල මදුරාසි හා මැලේ භටයෝ සිංහලයන්ට එකතු වූහ. යටත් වූ කෝප්‍රල් බාන්ස්ලීට ඇඳුමක් පවා නොමැති විය. නුවර මහමලුවේ දී ඔහු රජු ඉදිරියේ පෙනී සිටියේ ඉන වට පැදුරක් ඔතාගෙන බව ඔහුම පවසයි. ලොව අති ප්‍රබල මැක්ඩෝවල් සෙනවියාගේ 51 සහ 19 සේනාංක රාජසිංහ රජුගේ හමුදා විසින් අන්ත පරාජයට පත්කළේ එලෙසය. එතෙක් මෙතෙක් ඉංග්‍රීසි හමුදාව ලද සුවිශාලම පරාජය එයයි.

මුළු උඩරටම ඉංග්‍රිසි ආධිපත්‍යයෙන් මුදාගත් පසු ලංකාවට නිදහස් කරගැනීම සඳහා රාජසිංහ රජු විසින් හලාවතල පුත්තලමල මිගමුවල කොළඹල තංගල්ල හා මාතර ඉංග්‍රීසි කඳවුරුවලට එකවර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා හමුදා යොදවන ලදි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යුද පෙරමුණට

මෙයින් කොළඹ බලා ගමන් ගත් සිංහල හමුදා 1803 අගෝස්තු 20 හංවැල්ල ඉංග්‍රීසි කඳවුර අල්ලාගත් නමුත් ලුතිනන් මර්සර් විසින් නැවත එම කඳවුර අල්ලා ගන්නා ලදි. රාජසිංහ රජුද සමග එම කඳවුර නැවත අල්ලා ගැනීමට සිංහල හමුදා උත්සහ කළත්ල දොන් සොලමන් ඩයස් සහ තෝම්බු මුදලි යන ලාංකීය නිලධාරින් හා ලුතිතන් පොලොක් නම් ඉංග්‍රීසි නිලධාරියාගේ ප්‍රහාර හේතුවෙන් එහිදි සිංහල හමුදාවට පරාජයක් පත්විය. රජුගේ සිංහ ධජය ද ඉංග්‍රීසින් අතට පත්විය. මෙම පරාජයේ වගකීම උඩරට හමුදා අණදෙන නිලධාරි ලෙව්කේ බණ්ඩාර වෙත පැවරූ රජු ඔහුව වක්ඔය කොටුවැල්ල වෙල්යායේ දී හිස ගසා මරණයට පත් කළේය.

ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ යන කවියට පාදක වූයේ මෙම සිද්ධියයි.

එවකට ලෝකයේ බලවත්ම හමුදා රෙජිමේන්තු දෙක වශයෙන් සැලකුණු 19 සහ 51 යන සේනාංක සමග උඩරට රාජ්‍ය ආක්‍රමණය කිරීමට ගොස් බලවත් පරාජයට මුහුණදුන් ජෙනරාල් මැක්ඩෝවල් 1804 දී ඉන්දියාවේ හමුදාවන්ගේ අණ දෙන නිලධාරි ලෙස ඉන්දියාව බලා පිට විය. එදා මුළු ලොවක් පාලනය කළ එසේම බලවත්ම හමුදා රෙජිමේන්තු 02 ක් වූ 19 සහ 51 රෙජිමේන්තුව පහරදීම හා පරාජය කිරීම යන කරුණු හේතුවෙන් රාජසිංහ රජුගේ හමුදා අද්විතීය තත්ත්වයට පත්වෙයි.

ඉංග්‍රීසින්ගේ දෙවන ආක්‍රමණය හා සිංහල ප්‍රහාර

1804 සැප්තැම්බර් මාසයේ එවකට ඉංග්‍රීසි හමුදාපති ඩග්ලස් වෙමයින්ගේ මෙහෙයුම් මත උඩරට නැවත වරක් ආක්‍රමණය කිරීමට ආණ්ඩුකාර නෝත් සැලසුම් කළේය. ඒ අනුව කොළඹල මීගමුවල හලාවතල පුත්තලමල හම්බන්තොටල මඩකලපුව හා ත්‍රිකුණාමලයෙන් හමුදා එවා එකවර මහනුවරට පහරදීමට සැලසුම් පසුව ඇති වූ මතභේදයක් මත එම ප්‍රයත්නය අතහැර දැමිණි.

මෙම ප්‍රයාමය අත්හිටු වූ බවට වූ නියෝගය 1804 සැප්තැම්බර් 14 දින නිකුත් කළත් එය නොලද මඩකලපුව අණදෙන නිලධාරි කපිතන් ආතර් ජෝන්ස්ටන් තම බල ඇණියද සමග 1804 ඔක්තෝබර් 06 දින සිංහල හමුදාවන්ට ප්‍රහාර එල්ල කළත් ඔක්තෝබර් 09 දින නැවත මඩකලපුවට පසු බැසීමට තිරණය කළේය. ඔහුට මහනුවර අල්ලාගැනීමට හැකි වූයේ දින තුනක් පමණි. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් වන්නේ මෙම ඉංග්‍රිසි හමුදාවන්ට එරෙහි ප්‍රහාර මෙහෙය වූ සිංහල හමුදා නායකයා වූයේ කැප්පෙටිපොල නිලමේ තුමා වීමයි. තම හමුදා භටයින් රැසකගේ ජීවිත සහ අවි ආයුධ ප්‍රහාරයන්ට ලක් වූ කපිතන් ආතර් ජොන්ස්ටන් ඉතා දුර්වල තත්ත්වයෙන් ආපසු මඩකලපුවට පසුබැස්සේය.

ඉංග්‍රීසි හමුදාවන්ගේ තුන්වන උඩරට ආක්‍රමණය

ක්‍රිථව 1805 දී පෙඩි්‍රක් නෝත් ආපසු එංගලන්තයට කැඳ වූ අතර ඔහු වෙනුවට පැමිණි තෝමස් මේට්ලන්ඩ් 1811 දී නැවත කැඳ වු අතර ඔහු වෙනුවට ජෝන් විල්සන් ද ඉන්පසු රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ලෙස පත් වී පැමිණියේය.

යුදකාමියකු වූ රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාර ලෙස පැමිණියේ 1812 මාර්තු මසයි. එවකට උඩරට රාජ්‍ය නිලමේවරු සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අතර තිබූ නොමනාපකම් තම සිවිල් නිලධාරියකු වූ ජෝන් ඩොයිලි මාර්ගයෙන් නිරීක්ෂණය කළ බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ඒ සඳහා ඇහැලේපොළ නිලමේගේ සහය ලබා ගත්තාය.

1814 සැප්තැම්බර් මස අලුත්කූරු කෝරලයේ මහර ප්‍රදේශයේ වෙළෙඳුන් 10 දෙනෙක්ගේ වෙළෙඳ භාණ්ඩ උඩරට ගම් ප්‍රධානියකු කොල්ලකෑම නිසා ඒ පිළිබඳ මගුලාගම මොහොට්ටාල පැමිණිලි කළද ඔහු විසින් එම වෙළෙඳුන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙත භාරදුන් පසු රජු විසින් ඔවුන්ගේ අත්ල කන්ල නාසය කපා එම තුවාලවලට ලෝදිය වක්කර ඔවුන් කොළඹට පිටුවහල් කිරීමේ සිද්ධිය මුල්කරගෙන 1815 ජනවාරි 15 දින උඩරටට එරෙහිව යුද ප්‍රකාශ කළේය. ඉන් පසු කර්නල් තියුක් හා බ්‍රවුන්රිග්ගේ හමුදා අවිස්සාවේල්ලේ සිටද තුන්වැනි හා හතරවෙනි සේනා ගාල්ල හා හම්බන්තොට සිටද 5 හා 6 වෙනි සේනා ත්‍රිමලයෙන්ද 7 සේනාංකය මඩකලපුවෙන්ද පිටත්ව 1815රැ02රැ13 දින මහනුවරට ඇතුළු වූහ. එවකට ඉංග්‍රීසින්ගේ හමුදාපතිවරයා වුයේ විලියම් විමර්මාන්ය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ හමුදා මෙහෙයුම්

ඉදිරියට පැමිණෙන ඉංග්‍රීසි හමුදවන්ට මුහුණ දීමට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඥාතින් දෙදෙනකු වූ වේනුසාමිගේ හා විනයාගසාමිගේ නායකත්වයෙන් හමුදා කණ්ඩායම් යෙදවුවත් ඔවුහු පරාජයට පත්වූහ. රජුගේ හමුදා භාරව සිටි මොල්ලිගොඩ මහාධිකාරම් හොර රහසේම ඉංග්‍රිසි පක්‍ෂය ගත්තේය. මෙම තත්ත්වය යටතේ මහනුවරින් බැහැරව ගිය රජු 1818 පෙබරවාරි 18 දින මැදමහනුවර උඩුපිටිය ගල්ලැහැවත්තේ දී බෝමුරේ ආරච්චිගේ නිවසේදී බිසෝවරු වූ වෙන්කල රංගම්මාල් සහ ජංගමුමාල් සමග අත්අඩංගුවට පත්වූහ.

විශ්‍රාමික මේජර් කේ.ජී. කුලරත්න

advertistmentadvertistment
advertistmentadvertistment