බේස් බෝල් තරගාවලිය අද සිට

51

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය සංවිධානය කරන ජාතික බේස්බෝල් තරගාවලිය අද (6 වැනිදා) සිට මෙම මස 21 වැනිදා දක්වා සති අන්ත දිනවල සහ රජයේ නිවාඩු දිනවල දියගම, ජපන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාත්‍යන්තර බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වෙන මෙම තරගාවලිය තරග 18 කින් සමන්විත වේ.

කණ්ඩායම් 19ක් අතර ක්‍රියාත්මක වන මෙම තරගාවලිය සඳහා බේස්බෝල් ක්‍රීඩකයන් 400 වැඩි පිරිසක් සහභාගි වීමට නියමිතය.

තරගාවලියේ අවසන් තරගය ජනවාරි 21දා පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතය.

ත්‍රිවිධ හමුදාව, විශ්වවිද්‍යාල, විදුහල් ආදි ශිෂ්‍ය කණ්ඩායම්, ක්‍රීඩා සමාජ සහ රාජ්‍ය දෙපාර්තමේන්තු යන බේස් බෝල් කණ්ඩායම් තරගාවලියට ඉදිරිපත් වී සිටී.

හෙට සහ අනිද්දා (7 වැනිදා) මූලික වටයේ තරග 3 ක් සහ දෙවැනි වටයේ තරග 3 ක් පැවැත්වෙන අතර යම් හෙයකින් එම තරග 6 න් එකක් හෝ පැවැත්වීමට නොහැකි වුවහොත් ඒ සඳහා අතිරේක දිනයක් ලෙස 12 වැනිදා වෙන්කර තිබේ.

තරගාවලියේ ශූරයන් සහ අනු ශූරයන් සඳහා කුසලාන සහ පදක්කම් පිරිනැමෙන අතර තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා, හොඳම පන්දු යොමු කරන්නා, හොඳම පිතිකරුවා සහ හොඳම පන්දු රකින්නා සඳහා ද කුසලාන පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment