අන්තරේට අධිකරණ නියෝගයක්

167


අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත.

ඒ අනුව එම උද්ඝෝෂණයට එක්වන පුද්ගලයින්ට අද පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතුළුවීමෙන් වළකින ලෙස අදාළ නියෝගයේ සඳහන් ය.

මීට අමතරව තවත් නම් කරන ලද කොළඹ මාර්ග රැසක් අවහිර කිරීමෙන් වළකින ලෙසද අධිකරණය අදාළ උද්‍ඝෝෂකයින්ට නියෝග කර තිබේ.

එම නියෝගය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය සංගම් 16ක ක්‍රියාකාරීන්ට සහ ඊට සහභාගි වන තැනැත්තන්ට අදාළ වන බවද එහි සඳහන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment