රටේ ජනතාවගෙන් 70%කට ජීවත්වීම අරගලයක් වෙලා

87

රටේ ජනතාවගෙන් සියයට හැත්තෑවක පමණ පිරිසකට ජීවත්වීම සඳහා අද විශාල අරගලයක් කිරීමට සිදුවී ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා බොරැල්ලේ සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ පැවැති දේව මෙහෙයකදී ප්‍රකාශ කළේය.

උදාවූ 2024 නව වසර වෙනුවෙන් පැවැති මෙම විශේෂ දේව මෙහෙයේදී වැඩිදුරටත් කරුණු දැක්වූ කාදිනල්තුමා මෙසේද පැවසූහ.

උදාවූ නව වසරේ මේ රටේ ජනතාවට මුහුණ දීමට සිදුවී ඇත්තේ ඉතාමත් දුෂ්කර කාලසීමාවකටය. බදු පැනවීම නිසා බඩු මිල ඇතුළු අනිකුත් අත්‍යවශ්‍ය සේවාවන් මිල වැඩිවී තිබෙනවා.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment