කිල්මිෂා දුවේ… ඔබ රටට අභිමානයක්’

178

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ Zee Tamil නාලිකාව සංවිධානය කළ little champs 2023 රියැලිටි තරගයේ කිරුළ දිනූ 14 හැවිරිදි කිල්මිෂා උදයශීලන් දැරිය සිය පවුලේ සාමාජිකයන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාව මෙහි දැක්වේ. ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයේදී මෙම හමුව සිදුව ඇත. අප රටට දුන් කීර්තිය අගයමින් ඇගේ අධ්‍යාපන කටයුතු සඳහා ජනාධිපතිවරයා සිය ආශිර්වාදය ද පළ කළේය. කිල්මිෂා දැරිය ජනපති ඉදිරියේ ගීතයක්ද ගායනා කළාය. ඇමැති ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, අංගජන් රාමනාදන් යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment