අන්තර් බැංකු පාපන්දු තරගාවලිය

48

සත් සාමාජික අන්තර් බැංකු පාපන්දු තරගාවලිය වැල්ලවත්ත කුරේ පාක් හිදී අද (06 වැනිදා) උදෑසන 8.30 ට ආරම්භ වන බැංකුකරුවන්ගේ සමාජය සඳහන් කර සිටී.

මෙම තරගාවලිය පසුගිය වසරේ අවස්ථා කිහිපයකදී පැවැත්වීමට විධිවිධාන යොදා තිබූ නමුදු අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමීමට පියවර ගත්තේය.

තරගාවලිය සඳහා බැංකු 9 ක පාපන්දු කණ්ඩායම් සහභාගිවීමට නියමිත බව බැංකුකරුවන්ගේ සමාජයේ ලේකම් ගයා පී. බස්නායක මහතා පවසයි.

ඒ අනුව HSBC, H N B, A & B( SEYLAN, NSB, BOC, PEOPLES BANK, CENTRAL BANK සහ TANDARD CHARTED BANK යන බැංකු කණ්ඩායම් තරගාවලිය නියෝජනය කරයි.

තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා පිරිනැමීමට නියමිත ශූරතා කුසලාන සහ අනු ශූරතාවයන්ට අමතරව “ගෝල්ඩන් බූට් සහ හොඳම දැල් රකින්නා කුසලානද පිරිනැමීමට නියමිත වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment