පාපන්දු තහනම අවසන්

96

ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (ෆිෆා) පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත පෙරේදා (27 වැනිදා ) දාතමින් යුතුව ඊමේල් පණිවුඩයක් යොමු කරමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දන්වා තිබුණේ වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කළ බවයි.

පාපන්දු තහනම අවසන්

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් පසුගිය ජනවාරි මස 21 වැනිදා සිට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවා තිබුණි.

එම තහනම හේතුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තරග තහනම් වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්, විනිසුරුවරුන්, පුහුණුකරුවන් ආදී ක්‍ෂේත්‍ර නියෝජනය කරන කිසි අයෙකුට ජාත්‍යන්තරය හා සම්බන්ධ වීම තහනම් වී තිබුණි.

මේ අතර ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිත (සැප්තැම්බර්) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයේ කටයුතු පිළිබඳව ද අධීක්ෂණයෙන් යුතුව පසුවන බවද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය අදාළ ඊමේල් පණිවුඩයෙන් දන්වා තිබේ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment