වාචික පිළිතුරු අපේක්‍ෂිත ප්‍රශ්න අසන කාලය විපක්‍ෂය නාස්ති කරනවා

34

පියවරක් ගන්නැයි ජනපති හා අගමැතිගෙන් ඉල්ලති

පාර්ලිමේන්තුව ආරම්භයේ මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්‍ෂිත ප්‍රශ්න වෙනුවෙන් වෙන් කරන පැයක කාලය නිසි ප්‍රයෝජනයක් නොගෙන විපක්‍ෂනායකවරයා ඇතුළු කණ්ඩායම විසින් නාස්ති කිරීම නිසා වන ජනතා මුදල් විනාශය වැළැක්වීමට මැදිහත් වන්නැයි ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් ඉල්ලා තිබේ.

මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම කර ඇත්තේ ඇමැති මණ්ඩල රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා මුණ ගැසීමෙන් අනතුරුවය. වාචික පිළිතුරු අපේක්‍ෂිත ප්‍රශ්න විමසන අවස්ථාවේ අනවශ්‍ය කරුණු ඉදිරිපත් කරමින් වෙන්කර ඇති පැයක කාලය ඉක්මවා කටයුතු කිරීම නිසා ජනතාව වෙනුවෙන් කරන අණපනත් ඉදිරිපත් කිරීමට නොහැකි බවද මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසී සාකච්ඡා කරන බවද ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment