තිරප්පනේ අක්කර 1500 ක වට්ටක්කා විනාශයි

86

රජරටට මේ දිනවල පවතින දැඩි නියං තත්ත්වය හමුවේ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, කුට්ටිකුලම, පුලියන්කුලම, ඌරාකොටේ හා සිවලාකුලම යනාදී ප්‍රදේශ කීපයක මෙවර වගා කර ඇති වට්ටක්කා වගා භූමි අක්කර 1500ක් පමණ වියැළී විනාශවීමට පටන් ගෙන ඇතැයි ගොවීහු පවසති.

මේ වන විට එම ප්‍රදේශවල පිහිටි කුඩා වැව් හා වගා ළිං බොහොමයක් සිඳී යෑම හේතුවෙන් වගාවට අවශ්‍ය ජලය ලබාගැනීමේ දැඩි අර්බුදයක සිටින බව වට්ටක්කා ගොවීයා් කියති.

වෙනත් කන්නවලට වඩා මෙවර ගොවීන් බහුතරයක් වට්ටක්කා වගා කර ඇතත් ඉන් 50%ක් පමණ මේ වනවිට විනාශවී ඇති බවත්, ඉතිරි වගාවන්ට ජලය පොම්ප කළත් වේලුම වැඩි නිසා රැක ගැනීම ගැටලුවක් බව ද ඔවුහු කියති. මේ නිසා ඇතැම් ගොවීන් වට්ටක්කා කොටු අතහැර දමා ඇතැයි ද ඔවුහු කියති.

සාමාන්‍යයෙන් අක්කරයකින් වට්ටක්කා කිලෝ 3500 – 4000 අතර ප්‍රමාණයක් වෙනත් කන්නවල දී අස්වනු ලෙස ලබා ගත්ත ද මෙවර අක්කරයකින් කිලෝ 1000 -1200 අතර වූ කුඩා ප්‍රමාණයක් ලබාගැනීමට සිදුව ඇති බව ද ගොවීහු පැවසීය. නියඟය දරුණු නිසා ඵලදාව නිසරු වී ඇතැයි ද ඔවුහු කියති.ි.

වට්ටක්කා ගොවීන් විශාල වශයෙන් මුදල් වැය කර වගා කර ඇති බවත් එහි ආදායමක් නොලැබී යෑම හේතුවෙන් ඉදිරි මහ කන්නය පිළිබඳව කිසිදු විශ්වාසයක් තබාගැනීමට නොහැකි බවද ගොවීහු කීහ. එබැවින් තමන්ට සිදුවී ඇති වගා හානිය වෙනුවෙන් රජයේ මැදිහත්වීමකින් වගා හානියක් හෝ බලාපොරොත්තු වන බව ද එම ගොවීයා කියති.
තිරප්පනේ – සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment