උසස් පෙළට වෙනස් නොවන මාසයක් එයි

183

පාර්ලිමේන්තු අනුමැතියකින් පමණක් වෙනස් කළ හැකිවන ලෙස අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමට නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

එම නියම කරන මාසය වෙනස් කරනවා නම් ඊට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත යුතු වන පරිදි මෙම නිශ්චිත මාසය නම් කිරීමට නියමිතය.

අතිශය බරපතළ තත්ත්වයක හැර එය වෙනස් කිරීම නොකළ යුතු බව පෙරේදා අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සැකසීමට පත්කර ඇති විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

උසස් පෙළ විභාගය පැවැත්වෙන දින වකවානු වරින් වර වෙනස් කිරීම නිසා සිසුන් මුහුණ දී ඇති පීඩාකාරී තත්ත්වය වෙනස් කිරීමට මෙම පියවර ගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment