යූරියා මිටිය රු. 9000ට

60

යූරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල ඊයේ (15 දා) සිට රුපියල් 9000 දක්වා රුපියල් දහසකින් මිල අඩු කර ඇත.

මෙතෙක් එම පොහොර මිටියක මිල පැවතියේ රුපියල් 10,000 ලෙසිනි. මෙම මිල අඩුකිරීම සඳහා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබේ. මේ අතර යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1500ක ප්‍රමාණයක් යූරියා පොහොර අත්‍යවශ්‍යව පැවැති දිස්ත්‍රික්ක කිහිපයකට පළමුවෙන් යැවීමට පියවර ගත් බව ලංකා පොහොර හා කොමර්ෂල් පොහොර සමාගම්වල සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කරයි.

ඒ අනුව හම්බන්තොට, පොලොන්නරුව, කුරුණෑගල හා මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට එම පොහොර තොගය යවන ලද බව හෙතෙම පැවසීය. මෙම පොහොර තොගය පසුගිය සෙනසුරාදා මෙරටට ලැබුන මෙට්‍රික් ටොන් 22,500 යූරියා පොහොර තොගයට අයත් ඒවා වේ.

උපාලි ද සේරම් සහ අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment