විෂ්ණු වින්සතියට අයත් 2024 කොහොමද

5656

රට හැදෙන්න නම් උඩ සිට පහළට හැදෙන්න ඕනෑ. රාහුගේ, සෙනසුරුගේ ක්‍රියා අත්හරින්න ඕනෑ. මේ බුධ ග්‍රහයා මේ වසරේ මුල් තැන ගන්න නිසා එයාට රවි, සඳු සහයෝගය දෙන නිසාත් මේ කතාව මතක් වුණා. ඉස්සර කාලේ මහා ඍෂිවරු දෙදෙනෙක් හිටියා රිෂි හා පුරුෂ කියලා. දවසක් මේ රිෂි කියන ඍෂිවරයා පොළොව මත වැතිරිලා සූර්ය වන්දනාව කරනවා. එතකොට එතැනින් ගියා අනිත් පුරුෂ කියන ඍෂිවරයා. එයා මේක දැකල ඇහුවා ඇයි මේ වෙලාවට සූර්ය වන්දනාව කරන්නෙ කියලා. එතකොට රිෂි කියන ඍෂිවරයා කිව්වා මම අද සූර්ය උදාවෙන් පැය 3.03ට මැරෙනවා නැත්නම් හුස්ම නැතිවෙනවා කියලා.

සිංහල – හින්දු අයට වසරක් ගෙවිල වසරක් ලබනකොට ඒ අලුත් අවුරුද්දේ වැඩ ආරම්භ කරන්නේ නැකතට. නැකතට වැඩ ආරම්භ කිරීම සිංහල බුද්ධාගමේ අපිට විතරක් උරුම වුණ එකක් නොවේ. අන්‍ය ආගම්වල උදවියත් ජ්‍යොතිෂය භාවිත කරනවා. ජ්‍යොතිෂය තිබෙන්නේ බුද්ධාගම වගේම ඥානවන්ත අයට. අන්‍ය ආගම්වලත් ඥානවන්ත අය ඕන තරම් ඉන්නවා. විශේෂයෙන් ඔය යන්ත්‍ර, සුර පැලැඳීම සමහර ආගම්වල තහනම් කියල සමහර අය කියනවා. නමුත් ඒ අය අන්‍ය ආගම්වල ඇති න්‍යාය ඇදහැව්වත් ජ්‍යොතිෂයේ ඇති නැකත්වල බලගතුකම, ගුණ හොඳ වැටහීමක් තිබෙනවා. ජ්‍යොතිෂ කරුණු පිළිපදිනවා. අවශ්‍යතාවන් මත සුර, යන්ත්‍ර නොපැලඳගෙන ඉන්නෙ නැහැ. හැබැයි ප්‍රසිද්ධියේම නම් නොවේ. ඒ ආගමට ටිකක් ‘මුවා’ වෙලා. මොකද ඒ අය ඒ එක එක යාඥාවලටත් සහභාගි වන්න ඕනෑ නේ. සමහර අය ලෝහයෙන් කුරුසය හදලා ඒක ඇතුළේ යන්ත්‍රය දමනවා. මොකද යන්ත්‍රයත් ඕනෑ. ආගමත් ඕනෑනෙ. මේවා මට පුරුදු දේවල්. කෙනකුගේ රහස් හෙළි නොකිරීමට ජ්‍යොතිර්වේදියා, ගුප්තවේදියා බැඳී සිටිනවා. බොහෝ අය මේවයින් ගොඩක් යහපත් ප්‍රතිඵල ලබනවා.

නැකතට වැඩ කරනව කියන්නේ එක එක ග්‍රහ කිරණ යහපත් වගේම අයහපත් ලෙස පෘථිවියට වදිනකොට ඒ අයහපත් කිරණ අත්හැර යහපත් කිරණ වැටෙන හෝරාව ලබා ගැනීම. 2024 අවුරුද්දේ නැකත් රජය පිළිගත් නැකත් කමිටුවකින්ම හදලා ඒක වැරදියි කියලා ඒ අයම කියනවා. කොහොම වුණත් අපි සම්මතය ගරු කරන්නට එපායැ.

මේ විධියේ අනවශ්‍ය වාද විවාද ඇති වන අවස්ථාවක සුබසෙත නිවැරදි යමක් ප්‍රකාශ කරන එක පුරුද්දක් වන නිසාමයි මේ සටහන කරුණු සහිතව ඉදිරිපත් කරන්නේ.

2024 අප්‍රේල් 14 රවි දින සිංහල අලුත් අවුරුද්ද උදාවෙනවා. මූලික කරුණු ගුණ සලකා බලීමේදී මෙදා ඉරු දිනයක්. ඉරු දින කියන්නේ බලගතු දිනයක්. සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියාගෙන් ආරම්භ වන්නේ. ජ්‍යොතිෂයේ සඳහන් පරිදි ජ්‍යොතිෂයේ තාත්තාගේ මූලිකත්වයෙන් ආරම්භ වන අතර ජ්‍යොතිෂයේ අම්මා එනම් චන්ද්‍රයා ඉන්නෙ මිථුනයේ. මිථුනය අයිති බුධ ග්‍රහයාට. බුධ ග්‍රහයා කියන්නෙ හෙට ගුණ හිතන ග්‍රහයෙක්. අද දිනයේ ඇති දේ කාල බීලා විනාශ කරල දමන ග්‍රහයෙක් නොවේ. ලංකාව වැනි පුංචි රට ගැන ඉදිරියට යමක් කිරීමේ හා සිතීමේ ක්‍රමවේදයකින් ආරම්භ වෙනවා. විශේෂ දෙයක් තමයි 2023 පසුගිය වසරේ වගේ අව තිථියෙන් නොවෙයි මේ අවුරුද්ද ආරම්භ වන්නේ. අව තිථියෙන් වසර ආරම්භ වෙලා චන්ද්‍රයා මකරේ අවුරුද්ද ආරම්භ කළ එකේ ප්‍රතිඵලය දැක්කනේ. අව තිථියයි සෙනසුරුයි එකතු වුණාම දන්නවනේ සිදුවූ දේ. හොඳ යහපත් වැඩට පුර තිථිය ප්‍රධානයි. හැම දෙයම සඵල වන බක්පුර ශටවක තිථිය මේ වසර ආරම්භ කරනවා. ජ්‍යොතිෂයේ හා ගුප්ත ශාස්ත්‍රයේ සියලුම යහපත් වැඩ ආරම්භ කරන්නෙ පුර තිථියට බව දන්නවනේ. තව විශේෂ දෙයක් තමයි. යමක් ආරම්භ කරනකොට පංච පක්‍ෂි ක්‍රමවේදය. ඒ අනුව බලනකොට 2024 අවුරුද්ද පටන් ගන්නේ රාජාලියා නැත්නම් භේරුණ්ඩ පක්‍ෂියා භෝජන ගන්න හෝරාවෙන්. සෑම කෙනෙක්ම ආහාරයෙන් ජීවත් වන නිසා මේ වසර ආහාර පානාදියෙන් 2023ට වඩා හොඳ වේවි. මේ කරුණු එකිනෙකින් සසඳා බලන කොට මේ වසර යහපත් වන බව පේනවා.

නමුත් තව එකක් කියන්ට ඕනෑ. මේ වසර ආරම්භ වන්නේ රවි හෝරාවෙන් කිව්වනේ. එහෙනම් කම්මැළිකම ඉවත් කරල මහන්සි වෙලා වැඩ කරන්න වේවි. රවි, සඳු, බුධ කිව්වේ ජ්‍යොතිෂයේ අම්මා, තාත්තා හා දරුවො.

මේ ආකාරයට ජ්‍යොතිෂ කරුණු බලනකොට නැකත ගැනත් ටිකක් හරි බලන්න ඕනෑ. නැකත ආරම්භ වන්නෙ “අද” නැකතින්. ඒක අයිති කාටද දන්නවනේ. එයාට 2024 ඉගිළුම් නැහැ. ඒ තමයි නයිපෙණ ඇත්තා. බොරු කාරයා. රාහු රාහු අසුරේන්ද්‍රයා දිවයිනෙන් පිට යන අය අඩු නොකරාවි. ලංකාවෙන් පිටරට ගියාම විදේශ විනිමය ලැබෙනවා තමයි. ඒත් ඒ අයගේ දැනීමත් ලැබෙන්නේ ඒ රටවල්වලට බව අමතක කරන්න එඑපා. අපේ ලොකු අය මේක අමතක කරනවා. විදේශ විනිමයට තමයි බලන්නේ. ඒ අයගේ දැනීමෙන් ලැබෙන ප්‍රයෝජන ඊට වැඩියි. නැකත හිමි වුණේත් රාහුට නිසා අල්ලස, දූෂණය නම් අඩුවන එකක් නැහැ.

ඔය රූපවාහිනියෙන්, ගුවන්විදුලියෙන් ජ්‍යොතිෂයේ රාශි හා ග්‍රහයො ගැන නොබලාම ලග්නයට ගුණාගුණ කියනවා. එකම ලග්නයට එකම විදිහට හැම දෙනාටම බලපාන්නේ නැහැ. ඒවා අහල වැරදි අවබෝධයක් ගන්න එපා.

රට හැදෙන්න නම් උඩ සිට පහළට හැදෙන්න ඕනෑ. රාහුගේ, සෙනසුරුගේ ක්‍රියා අත්හරින්න ඕනෑ. මේ බුධ ග්‍රහයා මේ වසරේ මුල් තැන ගන්න නිසා එයාට රවි, සඳු සහයෝගය දෙන නිසාත් මේ කතාව මතක් වුණා. ඉස්සර කාලේ මහා ඍෂිවරු දෙදෙනෙක් හිටියා රිෂි හා පුරුෂ කියලා. දවසක් මේ රිෂි කියන ඍෂිවරයා පොළොව මත වැතිරිලා සූර්ය වන්දනාව කරනවා. එතකොට එතැනින් ගියා අනිත් පුරුෂ කියන ඍෂිවරයා. එයා මේක දැකල ඇහුවා ඇයි මේ වෙලාවට සූර්ය වන්දනාව කරන්නෙ කියලා. එතකොට රිෂි කියන ඍෂිවරයා කිව්වා මම අද සූර්ය උදාවෙන් පැය 3.03ට මැරෙනවා නැත්නම් හුස්ම නැතිවෙනවා කියලා. එතකොට පුරුෂ කියන ඍෂිවරයා රිෂි කියන ඍෂිවරයාගේ කාල හෝරාව බලලා චූල නක්‍ෂත්‍රය පරීක්‍ෂා කරල බලල කිව්වා නැහැ නැහැ මගේ මිත්‍රයා ඔබ මැරෙන්නේ අද සර්ය උදාවෙන් 3 පසුවී විනාඩි 3කින් නොවේ. හෙට සූර්ය උදාවී පැය 3 හා විනාඩි 3කින් පසුව කියා. මොකද කෙනකුගේ මරණය සිදුවන දවස කියන්න පුළුවන් චූල නක්‍ෂත්‍රය හදාරපු අයට විතරයි. ඒක නිසා තව දවසක් නිදහසේ ඉන්න කියල කිව්වා. ඒත් රිෂි අහස දිහා බලාගෙනම මොනවද කල්පනා කරනවා. ඇඟිල්ලෙන් මොනවද ගණන් හදනවා අහස දිහා බලාගෙනම. එතකොට රිෂි නැවත ඇහැව්වා දැන් මොනවද කල්පනා කරන්නෙ කියලා. එතකොට පුරුෂ කිව්වා, මම හෙට මැරෙන එක හරි තමයි. ඔබ ඒක කොහොමද ඒක කිව්වේ කොහොමද කිව්වෙ කියලයි දැන් මම කල්පනා කරන්නේ කියලා පුරුෂ කිව්වා. අපි පුරුෂ ඍෂිවරයා වගේ වන්ට ඕනෑ. අලුත් දෙයක් කරන්ට උත්සාහ කරන්න ඕනෑ. මම කලින් කිව්වා වගේ රවි ග්‍රහයාගෙන් වසර ආරම්භය වන නිසාත්, භේරුණ්ඩ පක්‍ෂියාගෙන් පංච පක්‍ෂි කාල හෝරාව ආරම්භ වන නිසාත් ඒකත් භෝජන ගන්නා වේලාව නැත්නම් හෝරාව වන නිසාත් 2023ට වඩා 2024 යහපත් වෙනවා. හැබැයි කලබල ටිකකුත් ඇති වෙනවා. ඒත් අඟහරුවා නිසා. මේ විදිහේ අනවශ්‍ය වාද විවාද වන හැම අවස්ථාවන්හිදී ‘නැකත’ නිවැරදි දේ ප්‍රකාශ කරන එක පුරුද්ද නිසා මේ සටහන ලියා එව්වා. ඔබට 2024 සුබ අලුත් අව්රුද්දක් වේවා!

විෂ්ණු වින්සතියට අයත් 2024 කොහොමද

මි. ග. රන්ජිත් පී. විද්‍යාරත්න
පාරම්පරික ජ්‍යොතිෂවේදී/
ගුප්ත විද්‍යා මීපේගණිතගේ
රන්ජිත් විද්‍යාරත්න
මොරටුව
077 987 0007 – 072 217 4553

advertistmentadvertistment
advertistmentadvertistment