ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුවේ නැකතේ දෝෂය

188

1979 ජූලි මස 4 වෙනි බදාදා දිනයේ වෙලාවක එය සිදුකර ඇතැයි සඳහන් වේ. මෙදින මිථුන රවි 20 භාග වෙයි. පෙරවරු 10.35 දක්වා පුර නවවක රිට්ටාව තිබුණා. බදාදාට නවවක රිට්ටාව දග්ධ නම් අශුභ යෝගයක්.

ශ්‍රී ලංකාවේ ගාලුමුවදොර පිහිටා තිබෙන පාර්ලිමේන්තුව හැත්තෑව දසකයේ අගභාගය වනවිට ක්‍රමයෙන් අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවට ඉඟි පහළ වෙමින් තිබුණි. ඒ වනවිට හයෙන් පහක ජන වරමක් තුළින් පත්වුණ අලුත් දේශපාලන රටාවකින් යුත් රජයක් පත්වී හමාරය. ජපන් රටේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ඉන්පසු ඉදි කරන ලදී. පාර්ලිමේන්තුවක් වූ කලී ප්‍රජාතාන්ත්‍රික රටක කශේරුකාව වැනි දෙයකි. නිසි නැකත් ක්‍රම අනුගමනය කරමින් ශුභවාදී ලෙසින් එවැනි ස්ථානයක් ඉදිවිය යුතුය. බහුතර ජනතාවගේ ශුභ සිද්ධියට ඉවහල් වන පරිදි අණපනත් සම්මත කරගැනීම ශුභවාදී වාද විවාද තුළින් බුද්ධිමත් ලෙස ඒවා සම්මත කරගැනීමට හැකි වන එය රටේ ජීවනාලිය බඳු ශුභ ස්ථානයක් විය යුතුයි. නමුත් අද එහෙම වෙනවාද? එසේ නොවීමට හේතුව කුමක් නිසාද? කියා සොයා බැලීම මෙම ලිපිය ලිවීමට හේතු කරගන්නක් වෙයි.

පාර්ලිමේන්තුවට මුල්ගල් තැබූ නැකත 1979 ජූලි මස 4 වෙනි බදාදා දිනයේ වෙලාවක එය සිදුකර ඇතැයි සඳහන් වේ. මෙදින මිථුන රවි 20 භාග වෙයි. පෙරවරු 10.35 දක්වා පුර නවවක රිට්ටාව තිබුණා. බදාදාට නවවක රිට්ටාව දග්ධ නම් අශුභ යෝගයක්.

එතැන් සිට පුර දසවක තිථිය තිබුණා. බදාදා පුර දසවක යෙදීමෙන් ශුභ යෝගයක් වෙයි. නැකත් වශයෙන් බලන කල මෙදින දවල් 11.41 දක්වා සිත නැකත තිබුණා. බදාදාට සිත නැකත අව යෝගය වෙයි. කාලදණ්ඩ නම් අශුභ නැකතක් වෙයි. ප්‍රතිඵලය මෘත්‍යු වීමයි. සිත නැකතින් පසු උදාවී තිබුණේ සා නැකතයි. සා නැකත ද බදාදාට අවයෝගයි. මිථුන, රවි කෝණ මාසය ද වෙයි. ගෙවල් චක්‍රය අනුව නම් මෙදින රවි අද නැකතේ නිසා සිත – සා නැකත් දෙකම ගැළපෙයි. ඉහතින් සඳහන් කළ අවයෝගය – දග්ධ ආදී දෝෂයන් ඇතිවිටෙක ශුභ නැකත් ගන්නේ නැත. මෙවන් අශුභවාදී දිනයක මුල්ගල් තබා ආරම්භ කළා නම් කෙසේවත් ශුභවාදී වන්නේ නැත.

නව පාර්ලිමේන්තුව විවෘත කිරීම

1982 අප්‍රේල් 29 වෙනි ගුරුදා දිනක උදේ කාලයේ විවෘත කර ඇති බවට හෙළි විය. මෙදින උදේ 8.15 වනතුරු පුර ෂටවක තිථිය තිබුණා. ඉන්පසු පුර සතවක ලබා ඇත. ගුරු දිනයට ෂටවක තිථිය දග්ධ දෝෂයි. සතවක තිථිය නම් ශුභ වෙයි. පුනාවස නැකත ඇත. ගුරු දිනට පුනාවස සිද්ධි යෝගයකි. කාර්ය සිද්ධි වෙන නිසා මෙසේ ගන්න ඇත. මෙදින රවි බෙරණ නැකතේ ඇත. රවි සිටි නැකතේ සිට පුනාවස නැකත හයවෙනි නැකත වෙයි.

හයවෙනි නැකත ගෙයි පිට නැකතකි. ගෙයි පිට නැකතේ ප්‍රතිඵලය ගෙවල් චක්‍රයේ මෙසේ සඳහන් වෙයි.

මුදුන නම නැකත් ගින්නේම දන්නේ
ගෙතුළේ දෙපිට සය ගේ පාළු වන්නේ
ගේ මුල නැකත ගේ හිමියා නසින්නේ
මැද දොළසින් සිරිදී ලාබ වන්නේ

මේ අනුව බලන කල ගෙයි පිට නැකතක් යෙදීමත් දෝෂයකි. මේ අසල කාලයකදී පාර්ලිමේන්තුවේ බිලි ගැනීමක්, ජීවිත හානියක් ඇතිවිය. මෙම දෝෂවල ප්‍රතිඵලය මේ වනවිට සියලු දෙනාටම අහන්නට දකින්නට ලැබෙනු ඇත. ආලවක දමනය රඟ දක්වන රංගන ශාලාවක් බවට වරෙක පවතිනු ඇත. රට කරවන හිතවාදී අණපනත් සම්මත කරගන්න අමාරු වෙයි. එනිසා ශුභවාදී බවක් ඇති නොවෙයි. දිනයේ ඇති වුණ නැකත් දෝෂ ආදිය නැති කර ශුභවාදී කරගැනීමට හැකිවෙන ගුප්ත විද්‍යා ක්‍රම ඇත. ඒ තුළින් ශුභ පාර්ලිමේන්තුවක් බවට පත්කරගන්නේ නම් රටට සෙතක් සැලසෙනු ඇත.

සාමවිනිසුරු
ජ්‍යොතිර්වේදී, ශබ්ද විද්‍යා විශාරද
බෙල්පාමුල්ලේ – එච්. පී. සිරිසේන
0772973467.

advertistmentadvertistment
advertistmentadvertistment