ඥාතීන් අතර විවාහය සිදුවන්නේ කෙසේද?

99

ඥාතීන් අතර සිදුවන විවාහය ආලය නිසා හෝ යෝජනාවක් අනුව දෙයාකාරයකින් සිදුවිය හැකිය.

ඥාතීන් අතර සිදුවන විවාහයත් ආදරයෙහි ප්‍රතිඵලයක් වශයෙන් සිදුවේ නම් අදාළ කේන්දර දෙකෙහි ආලය නිසා සිදුවන විවාහයක ග්‍රහ සංයෝග විiමාන විය යුතුය. එම ග්‍රහ සංයෝගයටම වෙනත් ග්‍රහයකු සම්බන්ධ වන්නේ නම් භාර්යාව වශයෙන් තෝරාගනු ලබන්නේ ඥාතීන්ගෙන් කෙනෙකි.

ලග්නයෙන් දෙවැන්න ඥාති සබඳකම් පාලනය කරන අතර සිකුරු හෝ සත් වැන්නාධිපති හෝ යම් සබඳතාවක් දෙවැන්න හෝ දෙවැන්නාධිපතියා හෝ සමඟ ඇති කරගත් විට මනාලිය තෝරාගනු ලබන්නේ ඥාති පවුලකිනි.

තුන්වැන්න බාල සහෝදරියන් සහ ඥාති සහෝදරියන් පාලනය කරනු ලැබේ. තුන්වැන්න හෝ තුන්වැන්නාධිපතියා හෝ විවාහය පෙන්නුම් කරන රාශිය හෝ ග්‍රහයන් සමඟ යම් සබඳතාවක් ඇති කරගත් විට විවාහය සිදුවීමට ඉඩ තිබෙන්නේ ඥාති සහෝදරියක සමඟය. නැතිනම් එවැනි නෑකමක් ඇති තැනැත්තියක සමඟය.

පස්වැන්න ලේලිලා සහ එම තත්ත්වයේ ඥාතීන් පාලනය කරයි. පස්වැන්න හෝ පස්වැන්නාධිපති හෝ විවාහය පෙන්නුම් කරන රාශිය හෝ සමඟ සබඳතාවක් ඇති කරගන්නා විට භාර්යාව තෝරාගනු ලබන්නේ එවැනි ඥාති සබඳතාවක් ඇති පුද්ගලයන් අතරිනි. එම ඥාතියා ලේලි කෙනකු හෝ ඒ සමඟ ඥාතියකු වන බව සඳහන් කළ යුතුය.

පස්වැන්න ළෙන්ගතුකමේ රාශිය වේ. මෙම ග්‍රහ සංයෝගය යටතේ ගුරුවරයකු තමාගේ ශිෂ්‍යාවක් සමඟ විවාහවීම දැකිය හැක.

සත්වැන්න භාර්යාව පාලනය කරනු ලැබේ. සිකුරු ද භාර්යාව පාලනය කරයි. එබැවින් සත්වැන්නෙන් තුන්වැන්න එනම් සිකුරුගෙන් නවවැන්න හෝ සිකුරුගෙන් තුන්වැන්න බිරියගේ බාල සහෝදරිය එනම් නෑනා පාලනය කරයි.

එබැවින් එයට කිසියම් සබඳතාවක් විවාහය පෙන්නුම් කරන රාශියට හෝ ග්‍රහයාට හෝ තිබේ නම් එසේම කේන්දරය විවාහ දෙකක් පෙන්නුම් කර තිබේ නම් කේන්දර හිමියා තම බිරියගේ මරණින් පසු හෝ භාර්යාව ජීවත්ව සිටියදී තම නෑනා විවාහ කරගනී.

එකොළොස්වැන්න වැඩිමහල් සහෝදරයා පාලනය කරන අතර එකොළොස්වැන්නෙන් සත්වැන්න එනම් පස්වැන්න වැඩිමහල් සහෝදරයාගේ බිරිය පාලනය කරයි.

එබැවින් පස්වැන්න හෝ පස්වැන්නාධිපති හෝ විවාහය පෙන්නුම් කරන නිවාසය හෝ ග්‍රහයා හෝ සමඟ සබඳතාවක් ඇති කරගත් විට වැන්දඹුවත් විවාහ කරගැනීම පෙන්නුම් කිරීමක් ද කේන්දරයෙහි තිබේ නම් කේන්දර හිමියා තම වැඩිමහල් සහෝදරයාගේ වැන්දඹු බිරිය විවාහ කරගැනීමට ඉඩ ඇත.

ජ්‍යොතිෂවේදී
සිසිර කුමාරසිංහ
දුරකථන 0778556119

advertistmentadvertistment
advertistmentadvertistment