ආරූඪ ලග්නය සොයමු

164

පලාපල කථනයේදී ආරූඪ ලග්නය අනුසාරයෙන් පලාපල ප්‍රකාශ කිරීමේදී සුවිශේෂී කරුණු අනාවරණය කරගත හැක. ආරූඪ ලග්නය යනු සැඟවුණු ලග්නය යන අරුතයි. ආරූඪ ලග්නය උපයෝගී කර ගැනීමේදී ආරූඪ පද භාවිතයේ යෙදේ. ඕනෑම කේන්දරයක භාව 12ටම ආරූඪ පද සෙවිය හැක.

පරාශර මහා ඍෂිවරයා මෙන්ම ජෛමිනි මහා ඍෂිවරයා ද ආරූඪ ලග්නයත් ආරූඪ පදත් පිළිබඳව පුළුල් ලෙස පැහැදිලි කර ඇත. ඕනෑම භාවයකට ආරූඪ පදය සොයනුයේ අදාළ භාවය අධිපතියා එම භාවයේ සිට යම් රාශි ප්‍රමාණයක් ගත කොට තිබේ ද එතැන් සිට ඒ හා සමාන රාශි ප්‍රමාණයක් ඉදිරියට ගැනීමෙනි. ආරූඪ පදය ලබාගන්නා ආකාරය වඩාත් පැහැදිලි කර ගැනීමට උදාහරණයක් සලකා බලමු. මකර ලග්න හිමියකුගේ ලග්නාධිපති වන ශනි 5 වැන්නේ ඇතැයි සිතමු. මකර ලග්න හිමියාගේ 5 වැන්න වෘෂභ රාශියයි. එනම් මකරයේ සිට වෘෂභයට රාශි 5කි. එම වෘෂභ රාශියේ සිට නැති නම් 5 වැන්නේ සිට තවත් රාශි 5ක් ඉදිරියට ගණන් කළ විට ආරූඪ පදය ලැබේ. එය භාග්‍ය ස්ථානය වන කන්‍යා රාශියයි. එලෙස ලැබෙන කන්‍යා රාශිය මෙම මකර ලග්න හිමියාගේ ආරූඪ ලග්නය හෙවත් ලග්නාරූඪය වේ.

ආරූඪ ලග්නය සොයාගත් පසු ග්‍රහයන්, ලග්න කේන්දරය තුළ තැන්පත්ව සිටි රාශිය වෙනස් නොවන ආකාරයට එනම් ඉහත ලග්න කේන්දර සටහනේ ලග්නාධිපති වන ශනි ආරූඪ කේන්දර සටහනේ රාශිය නොවෙනස් වනසේ පිහිටුවා ඇති ලෙසටම ආරූඪ කේන්දරය තුළ සියලුම ග්‍රහයන් පිහිටුවා ගත හැක.

ලග්නාරූඪය සෙවූ ආකාරයටම ඉතිරි භාව 11ට ද ආරූඪ පද සොයාගත හැක. ඉහත සඳහන් ලෙසටම දෙවැන්නට අදාළව ධනාරූඪ පදය සොයන්නේ ධනස්ථානය වන දෙවැන්නේ සිට ධන ස්ථාන අධිපතියාට තිබෙන රාශි ගණන ගැන එම ධන ස්ථාන අධිපතියා සිට තවත් ඒ හා සමාන රාශි ගණනක් ඉදිරියට ගැනීමෙනි. මෙලෙස ලග්න භාවයේ සිට පිළිවෙළින් භාව 12ටම ආරූඪ පද සොයා ගත හැක. එම ආරූඪ පද එම අදාළ ස්ථාන නාමයෙන් නම් කරනු ලැබේ. එලෙස ලග්නාරූඪ පදය, ධනාරූඪ පදය, වික්‍රමාරූඪ පදය, සුඛාරූඪ පදය, විද්‍යාරූඪ හෙවත් පුත්‍රාරූඪ පදය, ශැත්‍රැරූඪ හෙවත් රෝගාරූඪ පදය, ධාරාරූඪ පදය හෝ කලත්‍රාරූඪ පදය, මෘත්‍යු ආරූඪ පදය, භාග්‍යාරූඪ පදය, කර්මාරූඪ පදය, ලාභාරූඪ පදය හා වෑයාරූඪ පදය ලෙස ආරූඪ පද සොයාගත හැක.

ලග්නයට හා 7 වැන්නට ආරූඪ ලග්නය පැමිණීම වළකනු සඳහා ආරූඪ පදය සෙවීමේ විශේෂ නීති කිහිපයක් ද වේ.

  1. ලග්නාධිපති හෝ කිසියම් භාවාධිපතියෙක් එම භාවයේම සිටි විට ආරූඪය ලෙස ගත යුත්තේ එම ස්ථානයෙන් 10 වැන්නයි.
  2. ලග්නාධිපති හෝ කිසියම් භාවාධිපතියෙක් එම භාවයෙන් 7 වැන්නේ සිටි විට ආරූඪය ලෙස ගත යුත්තේ එම 7 වැන්නේ සිට 10 වැන්නයි. එනම් ආරූඪය සෙවීමට අවශ්‍ය භාවයෙන් 4 වැන්නයි.
  3. ලග්නාධිපති හෝ කිසියම් භාවාධිපතියෙක් තම භාවයේ සිට 4 වැන්නේ සිටිත්නම් ආරූඪය ලෙස ගත යුත්තේ එම භාවයමය.

මෙම විශේෂ අවස්ථා වඩාත් පැහැදිලි කර ගැනීමට ලග්නාධිපතිට අදාළවත් භාවාධිපතිට අදාළවත් කේන්දර සටහන් කිහිපයක් සලකා බලමු.

  1. ලග්නාධිපති ලග්නයේ සිටි විට ආරූඪ ලග්නය ලබා ගැනීම.

මෙහි ආරූඪ ලග්නය කන්‍යා වේ.

  1. ලග්නාධිපති 7 වැන්නේ සිටි විට ආරූඪ ලග්නය ලබා ගැනීම.

7 වැන්නෙන් 10 වැන්න හෙවත් ලග්නයෙන් 4 වැන්න

මෙහි ආරූඪ ලග්නය ධනු වේ.

  1. ලග්නාධිපති 4 වැන්නේ සිටි විට ආරූඪ ලග්නය ලබා ගැනීම.

මෙහි ආරූඪ ලග්නය තුලා වේ.

  1. භාවාධිපතියෙන් තම භාවයේම සිටි විට ආරූඪ පදය ලබා ගැනීම.

මෙහි 4 වැන්න සුඛ ස්ථානයයි. ඒ අනුව 4 වැන්නෙන් 10 වැන්න වන මකරය සුඛාරූඪය වේ.

5 භාවාධිපතියෙක් තම භාවයෙන් 7 වැන්නේ සිටි විට ආරූඪ පදය ලබා ගැනීම.

මෙහි 11 වැන්න ලාභ ස්ථානයයි. එහි අධිපති 11 වැන්නෙන් 7 වැන්නේ සිටී. ඒ අනුව ලාභාරූඪය 11 වැන්නෙන් 7 වැන්න වන ස්ථානයෙන් 10 වැන්නයි. එනම් ලාභාරූඪය සිංහ වේ.

  1. භාවාධිපතියෙක් තම භාවයෙන් 4 වැන්නේ සිටි විට ආරූඪ පදය ලබා ගැනීම.

මෙහි 5 වැන්න පුත්‍ර ස්ථානයයි. එහි අධිපති 5 වැන්නෙන් 4 වැන්නේ සිටී. ඒ අනුව පුත්‍රාරූඪය එම 5 වැන්න අධිපති බුධ සිටිනා ධනු රාශිය වේ.

ආරූඪ ලග්නය සොයමු

ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment