වේයන් මර්දනයට යැයි කියා පොලොන්නරු රාජධානියේ ඉතාමත් සංවේදී චෛත්‍යයක් වන රන්කොත් වෙහෙරේ පේසා වළලුවලටත් ඉහළින් ඇති කොටස බර යන්ත්‍ර යොදා ගනිමින් කුටීර තුන්සියයක් පමණ විදිමින් රසායනික ද්‍රව්‍ය යෙදීම නිසා රන්කොත් වෙහෙර ගර්භයට දැඩි හානියක් සිදුවී ඇතැයි පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ පැවසූහ.
පසුගියදා බටලීය පුරාවස්තු මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවට එක් වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
කීර්තිමත් රජ කෙනකු වන නිශ්ශංකමල්ල රජතුමා විසින් මෙම රන්කොත් වෙහෙර නිර්මාණය කරන්නේ අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය හා සමානකමක් සහිතවයි. ඒ වගේම ලෝක උරුමයක් ලෙස නම් කරලා තිබෙන වසර නවසියයකටත් වඩා පැරණි රන්කොත් වෙහෙර වගේ විශාල චෛත්‍යයක් මේ ආකාරයට ආරක්ෂා වී තිබෙන්නේ එකල පැවති දියුණු තාක්ෂණය නිසා බවද උන්වහන්සේ පැවසූහ.
එසේ නම් මෙයට ප්‍රතිකර්ම කිරීමේදී පැරණි බදාම සහ ඉදිකිරීම් සම්බන්ධ විශේෂඥ දැනුම ලබාගත යුතුයි. මෙවැනි ඓතිහාසික උරුමයන්ට ප්‍රතිකර්ම කිරීමේදී එච්.සී.පී. බෙල්, සෙනරත් පරණවිතාන වැනි පුරාවිද්‍යාඥයන් මේවා සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා සකස් කර තිබෙනවා. ඒ නිසා එවැනි ක්‍රමවේදයක් අනුගමනය කරනවාද නැද්ද යන සැකය අපට තියෙනවා. ඒ නිසා මධ්‍යම සංස්කෘතික අරමුදල මේ අත්තනෝමතික විනාශකාරී ප්‍රතිසංස්කරණවලට වගකිවයුතුයි. නොඑසේ නම් මෙවැනි විනාශකාරී ක්‍රමවලින් සිදුවන්නේ ඓතිහාසික උරුමයන් බිමට සමතලා වීම පමණක් බව සමිත හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.
සටහන – සුජාතා ජයරත්න