ගෝඨාභය අත්අඩංගුවට ගන්න: බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු 15 ක් එරට ආණ්ඩුවෙන් ඉල්ලයි

3716

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන වහාම ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්‍ෂයේ නායක එඩී ඩේවිස් මහතා ඇතුළු මන්ත්‍රීවරු 15 දෙනකු බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.

රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පැනයෑම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධතාවයක්ද මතුවී තිබිණි. මෙම ඉල්ලීමට කොන්සවේටිව් සහ ලේබර් පක්‍ෂ මන්ත්‍රීවරුන්ද සහාය දක්වා තිබේ. මෙහිදී ඇතැම් මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ ගෝඨාභය ද්‍රවිඩයන් ලක්‍ෂයක් ඝාතනයට සම්බන්ධ බවයි.

මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අධිකරණ ඇමැති ආමන්ඩා විලිස් ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment