2023 බැංකු රක්ෂණ සුපර් ලීග් තරගාවලියේදී සේවක සහභාගීත්වය ඉහළටම එසවූ යූනියන් ඇෂූවරන්ස්

25

සේවක සහභාගීත්වය වැඩිදියුණු කිරීම සහ සුහදත්වය මෙන්ම විනෝදය ඉහළ නංවන ධනාත්මක සේවා ස්ථාන සංස්කෘතියක් නිර්මාණය කිරීම ඉලක්ක කරගෙන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු රක්ෂණ සපයන්නා වන යූනියන් ඇෂුවරන්ස් Bancassurance Super League 2023 සඳහා සත්කාරකත්වය සැපයීය.

පසුගියදා පැවති මෙම තරගාවලිය සඳහා සියලුම බැංකු රක්ෂණ ආයතන නියෝජනය කරමින් ක්‍රියාශීලී සහභාගීත්වකින් කණ්ඩායම් ඉදිරිපත් වූ අතර, එහිදී සහයෝගී සහ මිත්‍රශීලී තරගකාරී වාතාවරණයක් නිර්මාණය විය.

ක්‍රිකට් සහ පාපන්දු ආදී ක්‍රියාකාරකම්වලින් උත්සව න්‍යාය පත්‍රය උද්‍යෝගයෙන් පිරී තිබිණි. මෙම උත්සවය සේවකයින් අතර සබඳතා ගොඩනගා ගනිමින්, ඔවුන්ගේ දක්ෂතා පෙන්නුම් කිරීම සඳහා වේදිකාවක් සැපයීය. තව ද, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඔවුන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීමට සමාන අවස්ථා ලබා දීම මගින් යූනියන් ඇෂුවරන්ස්හි විවිධත්වය සහ සැමට සම අවස්ථා පිරිනැමීමට ඇති කැපවීම සාක්ෂි දැරීය.

advertistmentadvertistment
advertistmentadvertistment