මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් මහජන බැංකුව, මෙරට කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගැන්වීමට පියවර ගනි.

ඒ අනුව, මෙරට කුඩා ව්‍යාපාර වඩාත් ඉහළ ප්‍රමිතීන් කරා රැගෙන යාමට සහයෝගය පිරිනමන ආයතනයක් වන Good Market සමඟ අත්වැල් බැඳගනිමින් ව්‍යවසායිකාවන් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහනක් පසුගියදා මහජන බැංකු මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයේ දී පැවැත්විණි. Good Market හි සම නිර්මාතෘ අචලා සමරදිවාකර මහත්මිය විසින් එම වැඩමු`ඵව මෙහෙයවන ලදි.

නිෂ්පාදනයක් වෙළෙඳපලට යොමු කිරීමෙන් නොනැවති පිළිගත් සන්නාමයක් ලෙස තිරසාරව එම නිමැයුම සංවර්ධනය කරගැනිමට අවශ්‍ය පුහුණුව සහ මාර්ගෝපදේශනය ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.

Good Market ප්‍රමිතින් සම්පූර්ණ කරමින් සාර්ථකව පුහුණුව නිමකරන සැමට එම වෙළෙඳපලට පිවිසිමට අවකාශය හිමිවන අතර, ඒ තුළින් ජාත්‍යන්තර වෙළෙඳපලට පිවිසීමටද අවස්ථාව උදාවේ.

එමෙන්ම මහජන බැංකුව සිය කාන්තා කාර්ය මණ්ඩලයට සේවා හිතකර පරිසරයක් ගොඩනැඟීමට නිරන්තරයෙන්ම කටයුතු කරන අතර, එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සැලකිය යුතු ප්‍රතිශතයක් කාන්තාවන්ගෙන් සමන්විත වේ. ඒ තුළින් වෘත්තීය ක්ෂේත්‍රයන්හි සම අවස්ථා ලබාදිමට බැංකුව සතු කැපවීමද මනාව පිළිබිඹු වන අතර, සිය කාර්ය මණ්ඩල සාමාජිකාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩසටහන් රැසක් මහජන බැංකුව නිරතුරුවම ක්‍රියාවට නංවයි.

advertistmentadvertistment
advertistmentadvertistment