GGGI හවුල්කාරීත්වය සමඟින් කොමර්ෂල් බැංකුව තම හරිත මූල්‍යකරණය ශක්තිමත් කරයි

35

තිරසාර මූල්‍ය මූලාරම්භයන් පිළිබඳ ප්‍රමුඛ පෙළ ජාත්‍යන්තර අන්තර් රාජ්‍ය තාක්ෂණික උපදේශකයෙකු වන සෝල් නුවර මූලස්ථාන කරගත් ගෝලීය හරිත වර්ධන ආයතනය (Global Green Growth Institute – GGGI) සමඟ කොමර්ෂල් බැංකුව සන්ධිස්ථානාත්මක ගිවිසුමක් අත්සන් කර ඇත.

මෙම ආයතන දෙක විසින් අනුමත කරන ලද අවබෝධතා ගිවිසුම තිරසාර මූල්‍ය සහයෝගීතා වැඩසටහනක් සඳහා වේදිකාව සකසන අතර ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය සඳහා හරිත හා නීල ආයෝජන අවස්ථා බලමුලු ගැන්වීමට කොමර්ෂල් බැංකුව සතු සූදානම තියුණු කරයි.

GGGI වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෆ්රෑන්ක් රිජ්ස්බර්මන් මහතා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අතර කොමර්ෂල් බැංකුව වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා අත්සන් තැබීය.

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා (දකුණේ සිට 4 වැන්නා) සහ GGGI හි අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ෆ්රෑන්ක් රිජ්ස්බර්මන් මහතා ගිවිසුම හුවමාරු කර ගන්නා අයුරු. (වමේ සිට) GGGI හි තිරසාර මූල්‍ය අංශයේ සීමාවාසික චේතන් වීරසිංහ අභයරත්න, ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර සංවර්ධන නිළධාරී කවීත ආරියබන්දු, GGGI හි ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය සොනාලි සේනාරත්න සෙල්ලමුත්තු, කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ, ප්‍රධාන අවදානම් නිළධාරී කපිල හෙට්ටිහාමු සහ ආයෝජන බැංකු ප්‍රධානී සුෂාරා විද්‍යාසාගර යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වෙති

advertistmentadvertistment
advertistmentadvertistment