සොරා කන ව්‍යාපාරිකයන්ට දේශපාලන රැකවල් : – මහා පරිමාණ අපනයනකරුවෝ ඩොලර් මිලියන 53ක් පොලු තියලා

259

ඇමැති විජයදාස කියයි

සොරකම්වලට සම්බන්ධ මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් සියලු දෙනාට කිසියම් දේශපාලනඥයකුගේ රැකවරණය ලැබී ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05දා) පැවසීය.

මහා පරිමාණයේ අපනයනකරුවන් මෙරටට ලබාදිය යුතු ඩොලර් මිලියන 53ක් පසුගිය වසර 12 දී ලබාදී නොමැති බවත් මේ මුදල තිබුණේ නම් ඩොලර් බිලියන 52.6 ක ණය මුදල පියවා ගත හැකි බවත් ඇමැතිවරයා පැවසුවේය.

අයවැය තුන්වැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment