බැසිල්ගේ ‘තටු කපන්න’ උලපනේ හිමි අධිකරණයට

696

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස දිවුරුම් දීම හා මන්තී‍්‍ර ධුරයේ කටයුතු කිරීම බලරහිත කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නාරාහේන්පිට ධර්මායතන විහාරයේ උලපනේ සුමංගල හිමියන් ඇතුළු තිදෙනෙක් ඊයේ (05 දා* අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කළහ.

නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මගින් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා හා නීතිපතිවරයා නම් කර ඇත.

ඇමරිකාවේ පුරවැසියකු ලෙසින් දිවුරුම් දී ඇති බැසිල් රාජපක්ෂ මහතා මෙරට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස දිවුරුම් දී කටයුතු කිරීම නීති විරෝධී කි‍්‍රයාවක් වන්නේ යැයි ද උලපනේ සුමංගල හිමියන් මෙන්ම බරපතළ වංචා හා දූෂණ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ලැසිල් ද සිල්වා හා නීතිඥ සුරාජ් වල්ගම සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයට දන්වා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment