කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 14 වන වසරටත් BT Top 40හි ඉහළම ශ්‍රේණිගත බැංකුව බවට පත්වෙයි

110

අප්‍රේල් 20 දින පැවති බිස්නස් ටුඩේ සඟරාවේ BT Top 40 සම්මාන ප්‍රදානෝත්සවයේදී බැංකු ක්ෂේත්‍රයේ නායකත්වය සනාථ කරමින් කොමර්ෂල් බැංකුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් මෙම සම්මානය ලැබීය.

මේ සමගින් අඛණ්ඩව 14 වන වසරටත් කොමර්ෂල් බැංකුව බිස්නස් ටුඩේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළම ශ්‍රේණිගත බැංකුව ලෙසත් ඉහළම කාර්යසාධනයක් දැක්වූ ශ්‍රී ලංකාවේ සමාගම් පහෙන් එකක් ලෙසත් තේරී පත්ව ඇත.

රටේ පැවති අසීරු ආර්ථික තතත්වයන් මධ්‍යයේ වුවද ධනාත්මක මූල්‍ය වර්ධනයක් වාර්තා කරමින් ඉහළ කාර්යසාධනයක් පෙන් වූ සමාගම් වල 2021-2022 ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රේණිගත කිරීම් සිදුකර ඇත. ශ්‍රේණිගත කරන ලද සමාගම් වල විවිධාංගීකරණය වූ ක්‍රියාකාරකම් ඇගයීමෙන් අභියෝග වලට මුහුණ දීමේ හැකියාව, උනන්දුව සහ කැපවීම තුළින් සමාගම් ඉපයූ ලාභ සහ කළමණාකරණය කළ අවදානම් පිළිබඳ පුළුල් චිත්‍රයක් ලැබෙන බව බිස්නස් ටුඩේ පවසයි. සේයාරුවෙන් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා සහ බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා (පිළිවෙලින් වමේ සහ මැද) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මානය ලබා ගන්නා අයුරුයි.

advertistmentadvertistment
advertistmentadvertistment